IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


අ‘පුර විරෝධතාකරුවන්ට ඇප

 

(උපාලි ආනන්ද)

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් 23 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

සැකකරුවන්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.

මෙසේ ශරීර ඇප මත මුදා හැරියේ උතුරු මැද රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ක්‍රියාරියාකාරී උපාධිධාරින් දොළොස් දෙනෙකු සහ උපාධිධාරිනියන් එකොළොස් දෙනෙකි.

රැකියා විරහිත උපාධිධාරීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් උතුරු මැද පළාත් සභාව සතු ඇතැම් දේපල වලට යම් යම් හානි සිදුවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන්ව නොමැති බවට අධිකරණයට අවධාරණය කළ පොලිසිය සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

සැකකාර රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ උපාධිය ලබාගෙන වසර ගණනාවක් ගත වුවද කිසිදු රැකියාවක් නොලැබීම හේතුවෙන් තම සේවාදායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි අසරණභාවයට පත්ව සිටින බවයි. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළා මිස තම සේවා දායකයින් කිසිදු කලහකාරී කටයුත්තකට සම්බන්ධ නොවූ බවද නීතිඥයෝ කියා සිටියහ.

 



අදහස් (4)

අ‘පුර විරෝධතාකරුවන්ට ඇප

අනුර කුමාර Monday, 06 May 2024 06:54 PM

උපාධිධාරීන්ට රස්සාවල් දෙන එක ආන්ඩුවේ වැඩක් නොවෙයි. ලොකේ කොහෙවත් නැති කෝලමක් මෙහේ ඉන්න දේශපාලුවෝ ඡන්ද ගන්න කළේ. එහෙනම් OL AL පාස් කට්ටියටත් රස්සාවල් දෙන්න එපායැ. එක වසරේ ඉඳලා විශ්ව විද්‍යාල වෙනකල් උගන්වලා, හොයා ගනිංකෝ රස්සාවල්... නැත්නම් ස්වයං රැකියාවක් හොයාගන්න. මහින්ද මහත්තයා උපාධිධාරී ලක්ෂයකට රස්සාවල් දීලා, ඒ කට්ටිය සමහරු නිකං පඩි කනවා. අහිංසක මිනිස්සු හම්බ කරන දෙයින් තමයි tax කපලා පඩි දෙන්න ඕනෑ. මහින්ද මහත්තයාට පස්සට ගහලා එලවලත් දැම්මා කරපු උදව්වට...!

:       4       16

රෝයි ෆෙඩ්රික්ස්Tuesday, 07 May 2024 04:28 AM

ආයුබෝවන් අප්පුහාමි! මුන්නැහේ තවම ඉන්නේ අර තණකොල කන 69 ලක්ෂයේ හරක් පට්ටියේ නේද? එතකොට ආණ්ඩුව උන්ගේ තනතුරු හදලදීලා මහජන මුදල් ගෙවන එක සාධාරණද?

:       0       0

Nimal Monday, 06 May 2024 07:43 PM

තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන මේ තරුණ තරුණියන්ට මගේ ආචාරය...

:       14       4

Lalla Monday, 06 May 2024 11:13 PM

නොමිලේ උපාධිය තෙක් අධ්‍යාපනය දීලා රටට බරක්වෙන විදියට රජයේ රැකියාවක් දෙන්න ඕනෑද? උපාධිය ගත්තු අය රජයේ රැකියාවලට ගන්න ඕනෑ කියලා කියන එකම රට ලංකාව විය හැකියි.. උපාධිධාරියකුගෙන් රට බලාපොරොත්තු වන්නේ ව්‍යවසායකත්වයයි. ඒත් අපේ කොලකෑලි උපාධිධාරීන් පෞද්ගලික ව්‍යවසායන්වල රැකියාවකටවත් යන්න කැමැති නෑ. හේතුව මහන්සි වී වැඩ කරන්න ඇති අකැමැත්ත සහ නොහැකියාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ඊලොන් මස්ක් හමු වෙයි
2024 මැයි මස 19 0 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී අද(19)පැවැත්විණි.


ඩයනාට එරෙහිව අපරාධ නඩු සංග්‍රය යටතේ ක්‍රියා කරන්න උපදෙස්
2024 මැයි මස 19 213 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍


මානවහිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
2024 මැයි මස 19 125 0

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
2024 මැයි මස 19 100 0

බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


‘බෙනී ගානට්ස්‘ගෙන් රතු එළියක්
2024 මැයි මස 19 510 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් අනුමත නොකළහොත් තමන් යුද කැබිනට්ටුවෙන් ඉවත් වන බව එහි සාමාජික බෙනී ගා


ගංගා,ඇළ,දොළ භාවිතයේදී පරිස්සම් වෙන්න
2024 මැයි මස 19 80 0

නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 797 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site