
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියකට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු (37) සහ ඔහුගේ බිරිඳ වන පෞද්ගලික විශ්ව විද්‍යාලයක මනෝ උපදේශන ඩිප්ලෝමාධාරිනියක් (36) බව පොලීසිය කියයි.
එංගලන්තේ වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියක ශ්‍රී ලාංකික යුවළකගේ අසභ්‍ය වීඩියෝ පට රැසක් සංසරණය වන බවට නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාට තොරතුරක් ලැබී තිබූ අතර ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසට නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා චන්දිමා සපුගොඩ මහත්මියට උපදෙස් ලැබී තිබුණි.
ඒ අනුව සිදු කළ විමර්ශනයේදී මෙම යුවළ හඳුනාගෙන ළමා හා කාන්තා කාාර්යාංශයේ නිලධාරීන් රාජගිරියේ පිහිටි ඔවුන් රැඳී සිටි නිවසේදී (08) දා අත්අඩංගුවට ගත් බව පැවසේ
ඒ අනුව ඊට අදාළ ජංගම දුරකථනය, ලැප්ටෝප් පරිගණකය ඇතුළු උපාංග රැසක් මෙම නිවෙසේ තිබී පොලිස් භාරයට ගෙන සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා එක්ව සැකසූ අසභ්‍ය වීඩියෝ දර්ශන 334 අදාල වෙබ් අඩවියට මුදාහැර තිබූ බවයි.
අත්අඩංගුවට ගත් යුවළ (09) දා අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දෙන්නා තනිකරම ජේවීපි වහල්ලු දෙන්නෙක් වෙන්න ඕනෑ අසහනයෙන් පෙලෙන... ඔවුන් අනුරට ඩොලර් හොයනවාද කොහේද?
විඩියෝ නොකළාට අනුන්ගේ ගැහැණුන්ට කැමැත්ත ඇතිව සහ නැතිව ගහන අය ඕනෑතරම් මේ රටේ ඉන්නේ. පුළුවන්නම් අල්ලලා පෙන්වන්න. මේක රටට ඩොලර් ගෙනෙන අහිංසක වැඩක්. අර පෑළියගොඩ එප්පාවල බිස්නස් වගේ නොවෙයි..
ප්‍රසිද්ධියේ නොකලා නම්, එම වෙබ් අඩවිය එංගලන්තයේ තහනම් නැත්නම් එහි ඇති වරද කිම?
දැන් ඕක දැකලා තියෙන්නේ හරිම අහිංසක කෙනෙක් වෙන්න ඇති.. ඕකට කියන්නේ ලිංගික ඉරිසියාව කියලා. උන්ට බලන්න හොඳයි.. ඒක අසභ්‍ය වෙබ් අඩවියක් නම්, එයාලා කැමැත්තනේ වීඩියෝ දානවා නම් අපිට මොකද..? අනුන්ගෙ වීඩියෝ දාලනම් තමා ප්‍රශ්නෙ. දැන් ඕක ප්‍රසිද්ධ කලේ අල්ලපු අයමනේ.. පුදුම ගොං රටක් මේක
සාක්ෂි නැතුව පිළිගන්න අමාරුයි. ලින්ක් එක දාන්න.
මේකේ වැරද්දක් තියනවාද .මටනම් පේන්න ලොකු වරදක් නැහැ.
ඩොලර් උල්පතක් නේද