IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අවිස්සාවේල්ල සමූපෙ තැන්පතු කෝටි 92කට සුද්දෙ දීලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සමූපකාර නමට මුවාවී කළු සල්ලි සුදු කරන ජාවාරම් ක්‍රියාත්මක බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මෙම ජාවාරම් ගැන සොයා බලාගෙන යන බවත් වහාම මහ බැංකුවට ගොස් ලියාපදිංචි වන්නැයි ඒ අයට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා කීය.

එම ආයතන වල ණය එකතු කිරීමේ ක්‍රියාවලියට සමූපකාර නිලධාරීනුත් පාවිච්චි කරන බව කී සමරසිංහ මහතා මහජනතාවගේ මෙම ව්‍යාපාරය  ජාවාරම්කරුවන් අතට පත්වීමේ දැඩි  අවදානමක් තිබෙන බවද වසන්ත සමරසිංහ මහතා පැවසීය

මේ නිසා සමහර  බැංකු ලියාපදිංචි කිරීම නතර කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා අනීතික ලෙස ස්ථාපිත කළ  සහ  දේශපාලන උවමනා මත හැදූ   සමූපකාර නමින් පවත්වාගෙන යන මූල්‍ය ආයතන ගැන පරීක්ෂණයක් පවත්වා ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය

මේ ආයතන තැන්පතු ටික අරගෙන  ගියාට පසු  මිනිස්සුන්ට වග කියන කෙනෙකු  නැතැයිද ඊට පසුව තැන්පතුකරැවන්  තමන්  ළඟට එන බවත්ඔහු කීය.

බැංකු නමට සමූපකාර වචනය පාවිච්චි කරන්නේ ජාවාරම්වලට ඉඩ හැදෙන නිසා බවත් කවුරු හරි සමූපකාරයක් කරනවනම් ඊට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තිබෙන බවත්  ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා මහතා පැවසුවේ අවිස්සාවේල්ල නැගෙනහිර හේවාගම් කෝරළ සමූපකාර සමිතියේ  ග්‍රාමීය බැංකු 24ම වසා දැමුණු බවයි.

ඒවායේ ලක්ෂ විස්සකට වැඩි තැන්පත්කරුවන් සිටි බවත් ඒ තැන්පත්කරුවන්ගේ කෝටි 92 ක තැන්පත් මුදල් අහිමිවූ බවත්  ඔහු කීවේය.

එවකට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ වැරදි තීරණ නිසා ඒ තත්වය ඇති වුණු බව පැවසූ මන්ත්‍රීවරයා එවකට දේශපාලනඥයන්ගේ ආශිර්වාද මත  මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ජනතාවගේ මුදල් කොල්ල කෑ බවද සඳහන් කළේය.

අද ඒ තැන්පත් මුදල් අහිමි වුණු ජනතාව අපා දුක් විඳින බවද හෙතෙම පැවසීය.



අදහස් (1)

අවිස්සාවේල්ල සමූපෙ තැන්පතු කෝටි 92කට සුද්දෙ දීලා

Lalla Friday, 11 July 2025 07:14 PM

සමූපකාර අහෝසිකර දාන්න. හොර ගුහා ගම්පහ සමූපකාර සමිතිය බෝඩ් ලෑල්ල විතරයි. බඩු නැති කඩ... හොයලා බලන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1212 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site