IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


අලුත් දුම්රිය බලවේග කට්ටල පහක් ලංකාවට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 5ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

තදාසන්න ප්‍රදේශ වල මගී දුම්රිය සඳහා ධාවනයේ යෙදවීමට සුදුසු බලවේග කට්ටල සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැත. එබැවින්, දෛනිකව ධාවනය කරවනු ලබන දුම්රියන්හි නිරන්තර මගී තදබදයක් පවතී. දැනට ධාවනයේ යොදවනු ලබන බලවේග කට්ටල වලින් වැඩි ප්‍රමාණයක් වසර 20 ඉක්මවා ධාවනයේ යොදවා ඇති බැවින්, නිරන්තරයෙන් හදිසි ක්‍රියා විරහිත වීම් හා බිඳ වැටීම් වලට ලක් වේ. 

එම තත්ත්වය යටතේ දෛනිකව  දුම්රිය භාවිත කරනු ලබන මගීන් බොහෝ අපහසුතාවන්ට ලක් වන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි . වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96ක් පමණ අවශ්‍ය වන අතර, දැනට බලවේග කට්ටල කිහිපයක හිඟතාවක් පවතී. ඒ අනුව, තදාසන්න සහ දුරගමන් සේවා සඳහා යෙදවීම පිණිස බලවේග කට්ටල 5 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

අලුත් දුම්රිය බලවේග කට්ටල පහක් ලංකාවට

Nihal Tuesday, 15 July 2025 03:20 PM

ඉන්දියාව රට වැටුණු වෙලාවේ අත හිත දුන්නා නමුත් මේ කට්ටල ජපානේ හෝ රුමේනියාවෙන් ගෙන්වනවානම් කාලයක් ප්‍රයෝජනයට ගතහැකිය

:       1       9

Saman Tuesday, 15 July 2025 04:12 PM

ඉන්දියාවෙන් ගෙන්නමු ලාභයි.

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 35 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 251 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site