IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


අලුත් දෑ තනන්න පාසල් සීයකට නව නිපැයුම් සමාජ

(අංජුල මහික වීරරත්න)

රජයේ පාසල් පද්ධතිය යොවුන් නව නිපැයුම් සමාජ 100ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම වැඩසටහනේ ආරම්භය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ  සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයයේදී පැවැත්විණි.

පාසල් දූ දරුවන්ගේ යොවුන් නිර්මාණශීලීත්වය දිරි ගැන්වීම හා නව නිපැයුම් ප්‍රවර්ධනය උදෙසා මෙම නව නිපැයුම් සමාජ පිහිටුවයි.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් මෙම වැඩසටහන මෙහෙයවයි. 

ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සහ පළාත් ආවරණය වන පරිදි මෙම පැසල් තෝරා ගෙන තිබේ.

මූලික අදියරේ දී සමාජයේ  පවතින ගැටළුවකට විසදුමක් ලබාදෙන හා දේශීය ආර්ථිකයට දායකත්වයක් දෙන නව නිපැයුම් හා නවෝත්පාදන සබැඳි යෝජනාවන් සඳහා රුපියල් 50000 මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇත. 

මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් සේවය කරන කරනු ලබන විද්‍යා හා තාක්ෂණ නිලධාරීන්ගේ සේවය ලබා දෙන බව විද්‍ය හා තාක්ෂණ අමාත්‍යාංශය කියයි.



අදහස් (0)

අලුත් දෑ තනන්න පාසල් සීයකට නව නිපැයුම් සමාජ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17376 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site