IMG-LOGO

අලුත් අධ්‍යාපන ක්‍රමය ගැන අගමැතිනියගෙන් පාඩමක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (11) පැවැත්විණි.

මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන කුලුනු, විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවබෝධයක් ලබාදීම සිදුවිය.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම මගින් මෙම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය වන ආකාරය සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය.  



අදහස් (1)

අලුත් අධ්‍යාපන ක්‍රමය ගැන අගමැතිනියගෙන් පාඩමක්

අරවින්ද මොණරවිල Friday, 11 July 2025 04:52 PM

නිදහස් අධ්‍යාපනය ක්‍රමය රටට ක්‍රියාත්මක කරන්න කන්නන්ගර මැතිතුමා උත්සාහ කරන විට එතුමගේ පක්ෂයේ ම නායකයෝ ඇතුළු බහුතරයක් ඒකට විරුද්ධ වුණාලු, ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් හොයා ගන්න නැති වෙයි කියලා ! අද වුණත් අලි, පොහොට්ටු, සජබ හවුල මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට බොහෝ විට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ දැනුවත් සමාජයක් තුළ තමන්ට අවශ්‍ය පාක්ෂිකයා හදා ගන්න දුෂ්කර නිසා...! ඒ නිසා මේකට එළිපිට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන්න බැරි නම් අඩුගානේ තමන්ගේ අනුගාමිකයින් හරහා විරෝධතා පවත්වන්න ඉඩ තියෙනවා..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 788 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site