(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අසනීප තත්වයේ පසුවන බැවින් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව අද(2) දැනුම් දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින් රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
රාජිත. සේනාරත්න මහතාගේ නීතිඥවරයෙක් උදෑසන අල්ලස් කොමිසමට පැමිණ රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබාදී ඇතිි බව අල්ලස් කොමිසම ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකයට රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කළ අල්ලස් කොමිසම පසුගිය 27 වැනි දින සඳහන් කර තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අල්ලස් කොමිසම කැඳවද්දී රාජිත ලෙඩ වෙලා
මහසෙන් Wednesday, 02 July 2025 05:20 PM
දත් කැක්කුම ද ලෙඩේ?
විපරමා Wednesday, 02 July 2025 06:12 PM
හුඟක් දූෂිත දේශපාලුවන්ට සාමාන්‍යයෙන් ඇතිවන රෝගී තත්වයක්. පහුගිය කාලවලත් හිටපු ගමන් ලෙඩවෙන අයත් අපි දැකලා තියෙනවා...
Nishan Thursday, 03 July 2025 04:48 AM
නීතිය සැමට එකයි කියලා ජනාධිපති පම්පෝරි ගැහුවට රතු ලේබල් කන්ටේනර් 323 ක් පන්නපු කේස් එක ලස්සනට යට ගහමින් ඉන්නවා. ඒක ගැන කතා කරපු අයටත් නොයෙක් චෝදනා එල්ල කරලා අත් අඩංගුවට ගත්තා, ප්‍රශ්ණ කලා. තව ඇමති කෙනෙක්ට හොර ඔප්පු හදලා අඩු මිලට දේපලක් ගත්තා කියලා උසාවියෙන් වරෙන්තු තියෙනවා ඒත් ඔහු උසාවි නොගිහින් ඉන්නවා. හාල්, පොල්, ලුනු අඩු මිලට ගෙනත් වැඩි මිලට විකුණන ඒවාත් හොයන්නේ නෑ. ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවුනොත් අනාගතේ දවසක ක්‍රියාත්මක වේවි. සමහර විට පක්ෂ අරමුදල් ගැන, 87-89 කාලේ කරපු දේවල් ගැනත් ඇදෙයි.
PA RA Thursday, 03 July 2025 08:37 AM
සමාජයේ කථිකා වන නැව් ගනනාවක් හිමි එ්වා විදේශ රටවල රෙජිස්ටර් කරන ලද හා එම අාදායම් රටේ දේශපාලනයෙන් යම් යම් අාකාරයෙන් උපයාගත් බව අපට නිතර අසන්නට ලැබේ