
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායකවරයාට එරෙහිව චමින්ද කුලරත්න නියෝජ්‍ය ලේකම්තුමා අල්ලස් කොමිසමට කර ැති පැමිණිල්ල අවසන් වනතුරු ඔහු සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා එම ධූරවල කටයුතු කිරීමෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“දූෂිත පුද්ගලයකු මේ පුටුවෙ තියාගෙන අපිට වැඩ කරන්න බැහැ” යැයිද ඔහු ප්‍රකාශ කළේය.
කතානායකවරයා ගෞරවය විනාශ කරගෙන ඇති බවත් පාර්ලිමේන්තුවේ මෙවැනි තත්වයක් කිසිම දවසක උදා නොවුණු බවත් ජයසේකර මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පත සහ නැව් නියෝජිතයන්ට නැව් බඩු ගෙන්නන්ට, යාත්‍රාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
චමින්ද කුලරත්න හිටපු නියෝජ්‍ය ලේකම්තුමා කතානායකවරයාට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කරපු පැමිණිල්ල සභාගත කරනවා. කුලරත්න නියෝජ්‍ය ලේකම්තුමා එරෙහිව පරීක්ෂණය කරපු විශ්‍රාමික නිලධාරියට ගෙවන්න පුළුවන් රුපියල් 5000යි.
කතානායකතුමා ඔහුට දෙලක්ෂ හැත්තෑ හතර දහසක මුදලක් ගෙවලා තියෙනවා. මම මේවා තමයි ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙන්නේ
රාජ්‍ය දේපළ අවභාවිතය, රජයට මූල්‍ය පාඩු කිරීම වැනි දූෂණය නමැති වරදට යටත් වන වැරදි ගණනාවක් තියෙනවා. කතානායකතුමා නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කරන බව සඳහන් වෙනවා. ලොරිස් පාරේ නිවාසයක් වෙන් කරගෙන තිබෙනවා. ඊට අමතරව කතානායක නිල නිවස පාවිච්චි කරනවා. ඒක උපදේශක සභාවට දෙන්න ඔහුට කිසිම අයිතියක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීදුරු ගෙවල්වල ජීවත්වෙන එකත් හරි ජොලි වැඩක්.
ඒක නියම අදහස. රිලාසිරි නෑමෝල්, චෑමොර එක්ක විපක්ෂේ චෝදනා තියෙන අයත් පරීක්ෂණ ඉවරවෙනකම් පාර්ලිමේන්තුවෙන් අයින් කරමු.
හැම තුරුම්පුවක්ම ගහන්නේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න. ලාමක වැඩියි රිළාසිරි...