
(රෝෂන් තුෂාර)
පුද්ගලික රක්ෂණ සමාගමකට අයත් වාහන සඳහා සක්‍යතා වාර්තා ලබාදීමට රුපියල් 6,415,050 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරව සිටින රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම මහතා 09 නියෝග කළේය.
පසුගිය 05 දින අත්අඩංගුවට ගැනීමෙන් පසුව කෑගල්ල මහේස්ත්‍රාත්වරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඩී. එච්. එල්. ඩබ්. ජයමාන්න නැමැති සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පුද්ගලික රක්ෂණ ආයතනයකට අයුතු ලාභයක් සලසා රජයට අයුතු අලාභයක් සිදු කර රජයේ සේවකයකු ලෙස තුටු පඬුරු භාරගැනීම සහ දුෂණය යන වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ යාවජීව ඡන්ද දායකයෙක්...
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සැලසුම් අනුමත කරගැනීමට සහ විවිධ අවශ්‍යතා ඉටුකරගැනීමට ( විශේෂයෙන් TO මහත්වරුන් ) හමුවීමට පැමිණෙන ජනතාවගෙන් කිසිදු බයක් සැකක් නොමැතිව අල්ලස් ගැනීම තවමත් පෙර පරිදිම සිදුවීම සාමාන්‍ය ක්‍රියාවක් බව උපාය දුතයන් යොදවා රජයට සනාථ කරගත හැක
පෙර පරිදිම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය ලබාගන්නට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ගැනීම ක්‍රියාත්මක බව රජයට උපාය දුතයන් යොදවා සනාථ කරගත හැක