
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව විදුලි පනත විදුලි බල ක්ෂේත්‍රය ශක්තිමත් කරන පනතක් නොවන බව ඉතා පැහැදිලි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"බලශක්ති ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රායෝජන ලැබෙන ආකාරයේ ප්‍රතිසංස්කරණයකට යා යුතුව තිබෙනවා.පාරිභෝගිකයාට අඩු මිලට අඛණ්ඩ විදුලිය ලබාදීමට මේ සංශෝධන තුළින් හැකියාව ලැබෙනවාද කියා විමසා බැලිය යුතුයි.මේ පනත හරහා පාරිභෝගික ආරක්ෂණ නියාමන යාන්ත්‍රණය දුර්වල කරනවා.එමෙන්ම ආයෝජන සඳහා ඉඩකඩ නැති කරනවා.එමෙන්ම විදුලිබල සේවකයන්ගේ අයිතීන් ගැන කතා කරන්නට විදුලි බල ඇමති ප්‍රමුඛ බලධාරීන් වෙලාවක්වත් දෙන්නේ නැහැ.මේ පනත විදුලිබල ක්ෂේත්‍රයේ ශක්තිමත් කරන පනතක් නොවන බව ඉතා පැහැදිලියි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න දෙයක් කතා කෙරුවා නම් හොදයි, නොදන්නා මගුල් කියවන්නේ නැතුව, තමුන්ගෙයි නාමල්ගෙයි ගැත්තන් එක්ක ඇමැතිට කතා කරන්න දෙයක් නැහැ කියලා ගිහිල්ලා කියනවා.
තරහකට කියනවා නෙමෙයි... ඔයාගේ චූටි මෝලේට මේවා තේරෙන්නේ නැ ඔය දේශපාලනයෙන් අයින් වෙලා අර නෝනාගේ සැලොන් එකේ වැඩට යන්න
එසේ නම් ඔබතුමා නව පනතක් ඉදිරිපත් කරන්න එය මහජනතාවට කියවීමටත් සලස් වන්න