IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අලුත් දැනුම ගමට ගේන ’’විදාතා’’දියුණු කරයි

(අංජුල මහික වීරරත්න)

විදාතා සම්පත් මධ්‍යස්ථාන සඳහා වන උපාය මාර්ගික සැලැස්ම - 2026-2030 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විද්‍යාත්මක පර්යේෂණ හරහා ජනිත වන නව්‍ය තාක්ෂණික දැනුමෙන් ග්‍රාමීය ප්‍රජාව සව් බල ගැන්වීමේ අරමුණින්, ' ගමට තාක්ෂණය ' යන සංකල්පය යටතේ, විදාතා වැඩසටහන ආරම්භ කරනු ලැබ ඇති අතර, මේ වන විට රට පුරා විදාතා මධ්‍යස්ථාන 315ක් ක්‍රියාත්මක වේ.

2021 - 2024 කාලය තුළ අඩු අවධානයක් යොමුව තිබූ ගමට තාක්ෂණය ' යන සංකල්පය සවිමත් පදනමක් යටතේ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් විදාතා වැඩසටහන සඳහා පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම - 2026-2030 සකස් කරනු ලැබ ඇත.

එමෙන්ම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන සමඟ සහයෝගීතාවයෙන් විදාතා සම්පත් මධ්‍යස්ථාන ක්ෂුද්‍ර සේවා හා ආධාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමේ මුලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව, 2026 - 2030 කාලසීමාව සඳහා විදාතා වැඩසටහන වෙනුවෙන් සකස් කරනු ලැබ ඇති පස් අවුරුදු උපාය මාර්ගික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 සඳහා එක් විදාතා මධ්‍යස්ථානයක එක් විද්‍යා උපාධිධාරියෙකු බැගින් වන පරිදි සේවයේ යෙදවීමටත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

අලුත් දැනුම ගමට ගේන ’’විදාතා’’දියුණු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site