පකිස්ථානයෙන් ගෙන්වා බෙදා හරින අර්තාපල් ගෝනි තොගයක ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මුද්‍රණය කර ඇතැයි ඇලහැර අත්තනකඩවල ව්‍යාපාරික ඩී ජී පියසේන මහතා කියයි.
මේ අල ගෝනි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග කඩයකින් මිලට ගත් බව ඔහු පවසයි.
පකිස්ථානයෙන් ගෙන්වා බෙදා හරින අර්තාපල් ගෝනි තොගයක ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මුද්‍රණය කර ඇතැයි ඇලහැර අත්තනකඩවල ව්‍යාපාරික ඩී ජී පියසේන මහතා කියයි.
මේ අල ගෝනි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග කඩයකින් මිලට ගත් බව ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්ථානුවන් ලංකන්ස්ලට හරිම ආදරෙයි. ඒක නැති කරගන්න එපා. (නි)
මිනිස්සු එදා වේල කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්න මොහොතේ දැන් ඒ ගමන අල ගෝනි ප්‍රශ්න (නි)
ඉතින් එච්චර දෙයක් නොවේ,මේවට කලබල වෙන එක බොරු වැඩක්. (නි)
ලෝකේ අනිත් රටවල් වල නම් රජයේ අනුග්‍රහයෙන් ඔලිම්පික්ලාබීන්ගේ යට ඇදුමේත් තම රටේ ජාතික කොඩිය ගහනවා. ලංකාවේ අපි හැම නරක වැඩක්ම කරලා ජාතික කොඩියට වදිනවා (නි)
ලංකාවට එවන නිසා කොඩිය ගහන්න ඇති. අනික බුදුසරණයි කියලා ගහල තියෙන ලොරිවල හොර හරක් අදින්නේ (නි)
අල එක්ක පකිස්ථානයෙන් අපිට ගැහැණු වඳ කරන බෙහෙතුත් එවුවනේ. එයාලා අපිට හරිම ආදරෙයි. අතපත්තු කියන කතාව සහතික ඇත්ත. (නි)
මට තියෙන ප්‍රශ්නේ කොඩිය නෙමෙයි, අල පාකිස්තාන් වලින් ගෙන්වීමයි. ඇයි අපේ රටේ අල වැවෙන්නේ නැද්ද? (නි)
ජපානෙන් එවපු වහනේක අපේ කොඩිය ගහලා එව්වානම් කට්ටියට හරි අභිමානයක් හිතට දැනෙයි. මේක අලගොනියක් නිසා දුකයි. ආර්ථික විද්‍යාවේ මේ දෙකම නිෂ්පාදන ගානෙට වැටෙන්නේ. ඇයි මේ කුහක කම.(නදී)
සේනාවේ කෘෂි විද්යාඥයෝ ඉන්නවද? මේවා ගැන පරීක්ෂණ කරලා විෂ තියනවයි කියන්නේ.(නදී)
මේවට කලබල වෙන එක බොරු වැඩක්. බලන්න ඔලිම්පික් ගියාම ඇමරිකාවේ ජාතික කොඩිය දුවන අයගේ ඇදුමේ ගහල තියනවා. ඒවගේම හැම තරගයක්ම දිනනවා. අපේ අය පවුල් පිටින් ගිහින් කොඩියට දෙවත්වයෙන් සලකලා අපේ සල්ලිත් හොරකම් කරලා ගෙදර එනවා.(නදී)
ඕක මොකක්ද? නිදහස් දිනට පහුවෙනිදා පොලිතින් ජාතික කොඩි පාරවල් අයිනේ, කානු පල්ලේ කුණුගොඩවල් වල තියෙන්නේ.(නදී)
මොකද්ද වරද. මේක ලංකාවට එවන නිසා ගහන්න ඇති.(නදී)
සේනාව දැන් ලොස් ඇන්ජලිස් වල සැප ගන්නවා. ඒකයි පෙනෙන්න නැත්තේ.(නදී)
ජනක පමණයි මෙම සිද්ධිය හරියට අවබෝධ කරගෙන තියෙන්නේ. අනිත් අයගේ නෙත් පෑදුවාට ඔබට ස්තුතියි. (නදී)
මම කියන්නේ ලංකාවේ ජාතික කොඩිය ගහලා අල වෙන රටවලට පකිස්ථානය අපනයනය කරනවා ඇති. මොකද පකිස්තාන් අල වලට වඩා ලංකාවේ අලවල කොලිටිය හොදයි .ලංකාවටත් වැරදිලා එවන්න ඇති. (නි)
අපේ කොඩිය ගහලා ජර්මනියෙන් හරි ජපානෙන් හරි වාහනයක් මෙහෙ එවුවොත් කට්ටියට සන්තෝෂයි. මේක අලගොනියක් නිසා කෑගහනවා. ගරුත්වය දක්වන්න ඕන කරන වැඩවලින් මිසක බොරු වන්දනා මාන වලින් නෙවේ. අල ගෙඩියත් පිටරටින් ගෙනීම නිගාවකි. කොඩිය නෙවේ.(නදී)
බුදුසරණයි,දෙවිපිහිටයි,ජෙසුපිහිටයි,මාශ අල්ලා කියල ගහගත්තු බස් මැරයෝ මිනි මරද්දී කටයි අනික් පැත්තයි පියන් ඉන්න කුහකයෝ මේ අල ගෝනියේ කොඩිය ගැන කෑගහන්නේ.ඇත්තටම ඔහෙලට මේ ඉරහද පායනවනේ.....(ස)
පකිස්තානයෙන් ගෙනාපු අල කන්න එපා අර මොකෙක්දෝ කිව්වවගේ තුන් වතාවක් කෙලගහලා ඇති.(නදී)
පකිස්ථානයේ අයට අකුරු කියවන්න බැහැ. ඒකයි ජාතික කොඩිය මුදුණය කරන්නේ. මොකද ඔවුන් ලංකාවට විතරක්ම නෙවෙයිනේ අල පටවන්නේ. සාමාන්‍යයෙන් ජාතික කොඩියක් මුද්‍රණය කළ යුත්තේ හෝ තැබිය යුත්තේ කොහේද? කොඩියට පමණක් ආලය නොකර රටටම ආදරය කළොත් නරකද?(නදී)
පකිස්ථානය හිතන්න ඇති අර්තාපල් ශ්‍රී ලංකාවේ ජාතික ආහාරයක් කියල ගණන් ගන්න අප ඕකමද දැන් අපිට තියන ප්‍රශ්නය ?(අ)
අජිත්, ජනක, ලංකාවේ මිනිස්සු සත්භාවයෙන් ගරු කරන එක දෙයක්වත් අද තියෙනවද? (නදී)
කියව කියව ඉන්නේ නැතුව මුලින්ම ජාතික කොඩියට ගරු කරල ඉමුකො....(ස)
ලයිට් බිල්ල කවද්ද ගන්නේ (ස)
මේක ජාතික කොඩියේ පාට නොවේ නේ. අනිත් එක මේකේ පැත්තත් කණපිට. (නදී)
අනේ මේවගේ හරක්. ඉස්සර ඇමරිකාවෙන් දීපු පිටි කිරි ඔක්කොගෙම ඇමෙරිකාවේ කොඩිය ගහල තිබුනා. වෙන වැඩ නැතිවට අදින කුණු ගොඩවල්. පාකිස්තානේ ලංකාවේ නියම මිතුරු රටක්, අමතකද යුද්දෙදි දුන්න ආධාර. හිතවත් කමට හගන්න ඇත්තේ අපේ කොඩිය.(නදී)
ඉතින් එච්චර දෙයක් නොවේ. අල මල්ලේ රට දැනගන්න ඕන නිසා පින්කාරු කරන්න ඇති. පිටරටවල ඕන තරම් කරනවා.(නදී)
පෙරේරා ඒක නිසාම තමයි අපිත් ඔය අදහස සටහන් කලේ.(ස)
ජාතියේ ආලයට මොකද වුණේ? ජා (නි)
බොදු බල සේනාවට ඔන්න තියෙනවා වැඩක්. දෙන්න තියෙන්නේ අල බජ්ජන්ට හොද ගේමක්. පාකිස්තාන් අය හිතන් ඇති සිංහයෝ අල කනවා කියලා. එයාලට තිබුනේ සිංහයා නැතිව මීයෙක් දාන්න.(නදී)
ලංකාවට එවන නිසා ගහන්න ඇති. අපි ඒකට ආඩම්බර වෙන්න ඕනා. ඔන්න ඉන්දියාවේ කොඩිය ගැහුවා නම් අල දෙන්න ඕනේ හරක්ට.(නදී)
නිසාර් ඔයා කියපු එක හරි. 3 වතාවක් කෙල ගහලා එවලා තියෙන්නේ. (නදී)
කෝ මේ අපේ පොසිටිව් බණ සේනාව? (නි)
ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියලා මේ ප්‍රතාචාර බලපුවහම පේනවා. ලංකාවේ කොඩිය පාවිච්චි කිරීම වැරදියි. තමන් ඉපදිච්ච රටට ගරු කරන්න ලංකාවේ මිනිස්සු මීට වැඩිය හිතන්න ඕනෑ (නි)
අල....... අල කරලා නේද? (නි)
ජාතිය නැති කරන බෙහෙත් එක්ක ජාතික කොඩියත් එවනවද? ඔය අල වලට මොනවා දාලා එවනවද දන්නේ නැහැ.....පරිස්සමෙන් (නි)
දඹුල්ලේ මුදලාලිලා , එලවලු විකිණූ හැටි දැක්කනේ , පහුගිය කාලයේ. ඒ වගේ අල විකිණීමත් අනාගනී වගේ (නි)
දඹුල්ලේ එළවලු කිලෝ 50000 ක් කුණු ගොඩට. පාකිස්ථානයෙන් අල. (නි)
මෙතැන අදහස් දක්වා ඇති හැම කෙනාගේම අදහස් දිහා බැලුවහම පේනවා හැම කෙනාම කොයි වගේ නරියෝද කියලා. මේ අයට ඕනෑ මේ රටෙන් සිංහල ජාතිය නැති කරලා විජාතික රටක් කරන්න. බලමු. (නි)
ඇලැහැර ගොවියන්ට පාකිස්ථානෙන් ගෙනාපු අල කන්න වෙලා තියෙන්නේ ආසියාවේ ආශ්චර්ය නිසාද.? පාකිස්ථානෙට වඩා හොදට ඇලහැර අල වවන්න පුළුවන් කියලා හිතන පාලකයෝ බිහි වෙනකම් අපි අහස දිහා බලන් ඉමු. (නි)
ලංකාවේ ගොවීන්ට අත හිත දීලා අර්තාපල් වගා නොකර ඇයි පිටරටින් ගෙන්වන්නේ?. නුවරඑලිය පළාතේ අල කොච්චර රසද? අල ගෝනි අස්සේ හෙරොයින් ගෙන්නන්න ඉඩ තියෙනවා බලාගෙන. (නි)
පිට රට සිරිතට දිව දික්කරනා අපේ සිංහල කළු සුද්දා, කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා, (නි)
බුදු බල සේනාව මාස දෙකෙන් අතුරුදන්වෙලාම ගියා. කෝ දැන් ටීවී එකේවත් පේන්න නැහැනෙ (නි)
ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වෙන ප්‍රශ්න කොච්චර තියනවා ද? විදුලි බිල, ජීවන වියදම.... මේ වගේ අහිංසක මිනිස්සු පාවිච්චි කරන්න එපා බොරු ජාති ආලය පෙන්නලා ඇත්ත ප්‍රශ්න යට ගහන්න. (නි)
ඔවු සමිත,සිංහලයෝ අල කන්නෙත් නැහැ,සිංහලයෝ සිංහයොත් නෙමෙයි. මේකේ මොකක්දෝ යටිකූට්ටු වැඩක් තියෙනවා. නැත්නම් ඇයි අල නිෂ්පාදනය කරපු රටේ කොඩිය ගහන්නේ නැතුව,යවන රටේ කොඩිය ගැහුවේ? (නි)
හොර ඇමතිලාගේ වාහනේ ගහන්න හොද නම් කන ගෝනියේ ගහන එක ප්‍රශ්නයක්ද? (නි)
මේ වගේ කට්ටිය ඉන්නකම් රටට දෙයියන්ගේම පිහිටයි (නි)
මේක මේ තරම් කලබල වෙන්න දෙයක් නෙවෙයි. මම දැකල තියෙනවා යුරෝපිය රටකදී නොයෙක් රටවල ජාතික කොඩිවලින්, සිංහ කොඩිය ඇතුළුව, මහලා තියෙන ගැහැණු යට ඇඳුම්. එම ඇඳුම් අතර එම රටේම කොඩිය යොදා මහපු යට ඇදුනුත් තිබුනා. සිංහ කොඩියට මුවාවෙලා මිනීමරණ අපිට ඕක මොකක්ද? (නි)