(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ ( 4) බාරදී ඇත.
කෙසේ වෙතත් ලේකම්වරුන් එම යෝජනාව සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ප්‍රකාශ කර නැත.
යෝජනාව විවාදයට ගන්නවා නම් ඒ සඳහා යොදාගත හැකි කරුණුද විවාදයට නොගන්නවා නම් ඒ සඳහා යොදාගත හැකි කරුණුද ඇතුළත් කර මෙම වාර්තාව පිළියෙල කර බාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මෙන්ම මීට පෙර විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇති අය සම්බන්ධයෙන්ද විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙරට සහ විදේශයන්හි භාවිතයන් සහ ලේඛනගත කරුණු යනාදියද මෙම වාර්තාවෙන් කරැණු ඉදිරිපත් කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.
එසේම මෙම වාර්තාව යෝජනාව සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට කතානායකවරයාට ඉඩ ලැබෙන පරිදි ඉදිරිපත් කර ඇත.
මේ අනුව කතානායකවරයා විසින් ඒ පිළිබඳ තීන්දුවක් ගෙන පාර්ලිමේන්තුවට ලබන 9 වැනිදා දැනුම් දෙනු ඇත.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගත හැකිද නොහැකිද යන්න සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරන්නැයි කතානායකවරයා පසුගිය දා ලේකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය. මෙම වාර්තාව බාරදෙනු ලැබුවේ ඒ අනුවය.
පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම වාර්තාව පිළියෙල කර ඇත
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අරුණගේ විශ්වාසභංගය: ලේකම්වරුන්ගෙන් වාර්තාව කතානායකට