
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක අයවැය පරාද වීම හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
මේ තත්වය හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමට ඒවායේ ප්‍රධානීන් නීති උපදෙස් ගනිමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඊට අමතරව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන්ද එම සභාවලට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි පැවසේ.
අයවැය පරාජයට පත් වූ පළාත් පාලන ආයතන වැඩි සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින ඒවාය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන ආයතන වල අයවැය දෙවතාවක් පරාජයට පත් වුවත් ඒවා පවත්වාගෙන යෑමේ හැකියාවක් සභාපතිවරයාට ඇති බවයි.
මේ අතර ආනමඩුව ප්‍රාදේශීය සභාවේ බලය නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහා පිහිටුවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ ඉතාම කුඩා කාලයකින් ජනතාවට අප්‍රිය වුණා ආණුඩුව පච මාලිමාවයි.
රහස් නැතිහින්දා පිරිසිදු මාලිමාව අපහසුතාවයට ලක්වෙලා...
පච ආණ්ඩුව හින්දා මුළු ටෙම පඹගාලක. මූසල ජෙප්පන්...
පජාතයි ...//
මම නම් දන්නා තරමින් සභාවේ අය වැය පැරදුනාම සබහව විසුරවලා අලුත් චන්දෙකට යන්න වෙනවා..., හිටපු දුෂිට දේශපාලුවන්ට සහ දුෂිත නිලධාරීන්ට අනුකම්පා කරලා වැඩිපුර නටන්න ඉඩ දුන්නම මෙහෙම වෙනවා.. යහපාලන ආණ්ඩුවත් වුනේ මේක, එකත් අවේ හොරු අල්ලනවා කියලා නමුත් අන්තිමට හොරු ගිහින් ආණ්ඩුව අල්ලා ගත්තා. තවම ප්‍රමාද නැහැ කන්තෝරු වල ඉන්න පගා ගහන දූෂිත නිලධාරීන් සෙට් පිටින් උපාය දුතයෝ යොදලා හරි අල්ලාගෙන නඩු පවරන්න.. එහෙම කලොත් බය නැතිව ආණ්ඩුවට අලුත් චන්දෙකට වුනත් යන්න පුළුවන් , මිනිස්සු නිකන් කන්න ඉලන්නේ නැහැ , ඉල්ලන්නේ සාධාරණ රජ්‍යස්වෙයක් , හොඳ පොදු ප්‍රවහ්නයක් , සාධාරණ තීරු බදු වැනි බදු ක්‍රමයක් ,වැනි මුලික දේවල් , අපි ආණ්ඩුවට චන්දෙ දුන්නට අපේ බදු සල්ලි වලින් ශ්‍රී ලන්කන් එකේ පාඩු පියවන එකට , අතිවිශාල අනවශ්‍ය රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම වැනි දේවල් වලට අපි විරුද්ධයි.
සාධාරණ අයවැය යෝජනා වලට හොර දේශපාලුවන්ගේ ඡන්ද ලැබෙන්නේ නැහැ.