අයින්ස්ටයින් පවසා සිටියාට වඩා ආලෝකය ගමන් කරන්නේ අඩුවේගයකින් යැයි ඇමරිකා විද්‍යාඥයෙක් පවසයි.
ඇමරිකාවේ මේරිලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ ජේජේම්ස් ෆ්රැන්සන් ට අනුව අයින්සටයින් රික්තයකදී ආලෝකය ගමන් කරන බව කියූ පැයට කිලෝමීටර 300,000 ක වේගයට වඩා ආලෝකය ගමන් කරන්නේ අඩු වේගයකිනි.
ඔහු මේ බව පෙන්වා දීමට යොදාගෙන තිඛෙන්නේ 1987 වසරේ පෘථිවියට දර්ශනය වූ තාරකාවක පිපිරීමකි.එම තාරකාවේ පිපිරීම අයින්ස්ටයින් හදුන්වාදුන් ආලෝකයේ වේගයට අනුව පැය 3.3 කදී පෘථිවියට දර්ශනය වීමට තිබී ඇතත් එය දර්ශනයව ඇත්තේ පිපිරීම සිදුවී පැය 4.7 කට පසුවය.
අභ්‍යාවකාශයේ සැතපුම් දහස් ගණනක් දුරින් සිදුවන තාරකා පිපිරීම් ආදී සිදුවීම් පෘථිවියට ඒ ක්ෂණයෙහිම දර්ශනය නොවේ.ඊට හේතුව වන්නේ එම දුර ගෙවාගෙන පෘථිවිය කරා ළගා වීමට ආලෝකයටද යම් කාලයක් ගතවීමයි.මෙනිසා බොහෝ අවස්ථාවන්හිදී අප නිරීක්ෂණය කරන අභ්‍යාවකාශයේ විවිධ විපර්යාසයන් ඒ වන විටදී සිදුවී අවසානව බොහෝ වේලාවක් ගතවී තිබිය හැකිය.
මෙයට හොදම උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ සූර්යයාලෝකය පෘථිවියට පතිත වීමයි.සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුරත් ආලෝකයේ වේගයත් සළකා ගණනය කිරීම් කර ඇති විද්‍යාඥයින් සොයාගෙන තිඛෙන්නේ සූර්යයාගේ සිට පෘථිවියට ආලෝකය ළගා වීමට විනාඩි 8 ක පමණ කාලයක් ගතවන බවයි.
භෞතික විද්‍යාඥ ජේජේම්ස් ෆැන්සන්ට අනුව සිතා සිටියාට වඩා ආලෝකය ගමන් කිරීමේ වේගය සීමා වී ඇත්තේ ආලෝකයේම වන පෝටෝන නම් අංශ=වකගේ හැසිරීම නිසාය.
පෝටෝනය යනු ආලෝකයේ අන්තර්ගත වන අංශුවකි.විද්‍යාඥ ජේජේම්ස් ෆැන්සන්ට අනුව මෙම අංශුව එක් අවස්ථාවකදී පොසිට්රෝෝන නම් කුඩා අංශ+න් විශේෂයකටත් ඉලෙක්ටෝන වලටත් ඛෙදී වෙන්වී නැවත එකතු වේ.මේ ඛෙදී වෙන්වන හා එකතු වන ක්රිශයාවලියේ ප්‍රතිඵලයක් ලෙස ආලෝකයේ වේගය අඩාළ වන්නේ යැයි ඔහු කියයි.
මේ සම්බන්ධයෙන් විද්‍යාඥයෝ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටිති.
මෙසේ ආලෝකයේ වේගය සිතා සිටියාට වඩා වඩා අඩු වේගයක් ගනී නම් මේ දක්වා ආලෝකයේ වේගය යොදාගෙන කළ සියලුම ආකාරයේ ගණනය කිරීම් නැවත සිදුකිරීමට සිදුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ඇති ගැටලුව සූර්යාලෝකය ප්‍රථිවියට හැම වෙලේම වැටිලානේ තියෙන්නේ. දිවා /රාත්‍රී ඇති වෙන්නේ පෘථිවි බ්‍රමණය නිසානේ. එතකොට සුර්‍යාෙලා්කය පෘථිවියට එන්න කාලය යනවා කියන එකේ අර්ථය කුමක්ද. ? (නදී)
ලෝකයේ අන්තිම කුඩාම දේ සහ අන්තිම විසාල දේ කවදාවත් හොයල ඉවර කරන්න බැහැ. මෙය අලුත් හොයා ගැනීමක් නෙවි. බුදුන් මෙය වෙනත් ආකාරයකින් දේශනා කරලා තියෙනවා. (ස)
අයින්ස්ටයින් ඔහු ජිවත් වුන කාලයේ ඔහුට හැකි උපරිම අයුරින් මේ දේවල් සොයා ගත්තා. එම නිසා ගොඩක් නව නිර්මාණ ලෝකයට බිහි වුනා (න්‍යෂ්ටික බලය) සහ බිහිවෙමින් තිබෙනවා. ඔහු මෙම සමීකරණ සොයා ගන්නා විට එවකට තිබුණු අනික් විද්‍යාත්මක දැනුම යොදා ගත්තා වගේම අදත්, අනාගතයේත් ඔහුගේ සොයා ගැනීම් මත පදනම් වෙමින් ජීවත් වෙන අය තව දුරටත් පරීක්ෂණ සහ උපකල්පන කරනවා. එය තමයි විය යතු දේ. එය හැඳින්විය හැක්කේ "වර්ධනයෙන් සංවර්දනයට" යන නොනවතින ගමනක් ලෙසට. (ස)
මේක මේ එක විද්වතෙක් එක නිරීක්ෂණයක් ඇසුරෙන් කියපු දෙයක් නිසා කොතරම් දුරට ඇත්ත ද දන්නේ නැහැ. නමුත් ආලෝකයේ වේගය සම්බන්ද අයින්ස්ටින් ගේ සමීකරණය නම් දැන් සංශෝදනය කරන්න වෙනවා කියල ස්විට්සර්ලන්තේ කරපු සර්න් පරීක්ෂණ යෙන් ලඟදි ඔප්පු උනා. මේ ගැනත් වාද විවාද තියනවා (නදී)
ආලෝකයේ ඇති අංශුන්ගේ හැසිරීම හෝ එසේ වන්නේ ඇයි දැයි සොයා බැලීම හොඳයි. ඒ වුනාට මේ සියලු සොයා ගැනීම් වල සීමාසහිත බාවය "ලෝකයේ අන්තිම කුඩාම දේ සහ අන්තිම විසාල දේ කවදාවත් හොයල ඉවර කරන්න බැහැ" යන අරුත මත රඳා පවතිනු ඇත. (ස)
ප්‍රශ්නයක් තියනවා. වේගය ගණනය කිරීමට නම් දුර ගණනය කල යුතුයි. දුර ගණනය කිරීමේදී ආලෝකයෙත් යම් බලපෑමක් තියෙන්න පුළුවන්. එ්ක හින්ද මෙයාල කොහොමද හරියටම දුර ගණනය කලේ. (නදී)
විජේබාගේ අදහසට එකඟයි. මෙය නව සමීක්ෂණය සිදු කර ඇත්තේද අයින්ස්ටයින් සොයාගැනීම මතයි, කෙසේ හෝ මෙය ඔප්පු වුවහොත් භෞතික විද්‍යා සමීකරණ වෙනස් වේවි. අගය කළ යුතු සොයාගැනීමක් (නි)
අයින්ස්ටයින් කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්නේ (නි)
කුමාර, අපි හිතමු සුර්ය ග්‍රහණයක් ඇති උනා කියලා. එතකොට ග්‍රහණය ඇති වෙලා තත්පර අටක් යන කල් අපිට ආලෝකය ලැබෙමින් තියෙනවා. ඒ වගේම ග්‍රහණය ඉවර වෙලත් තත්පර අටක් යනතුරු අපිට සුර්‍යා පේන්නේ නැහැ (නැහැ)
පෘතුවියට ආසන්නයේම පිහිටන තාරකාවේ දුර ආලෝක වර්ෂ 4.2ක්. එතකොට කොහොමද ඊට වඩා වැඩි දුරකින් තියෙන තාරකාවක ප්‍රෝටෝන අංශු පැය 3-4 කින් එන්නේ? අනික ආලෝකයේ වේගය හැමවිටම ස්ථිරයි නේද? (නි)
කෝ මේ වගේ ප්‍රවෘත්ති වලට අදහස්. නිකම් වල් පල් දාන්නේ නැතුව මේ වගේ දේකට තමන් දන්නා දේවල් දාන්නකෝ. එතකොට අනිත අයගේ දැනුමත් ලැබෙනවා (නදී)
කාටත් වැරදෙනවානේ (නි)
රයිට් සහෝදරයෝ මුලින්ම ගුවන් යානය සොයාගත්තා. එය ඉතාම සරල ආකෘතියකට අනුව නිමවූ, බරින් අඩුවූ ගුවන් යානයක්. නමුත් අද බලන්න, රයිට් සහෝදරයන්ගේ දැනුමෙන් එයාර් බස් 380 වැනි යෝධ ගුවන් යානා 560,000 කි.ග්‍රෑම් බරක් රැගෙන කිලෝමීටර් දහස් ගණන් රටකින් රටකට පියාසර කරනවා. රයිට් සහෝදරයන්වත් හිතන්නේ නැතුව ඇති මෙවැනි දියුණුවක් ගුවන් ක්ෂේත්‍රයේ ඇතිවේවි කියා. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කළ පරිදී මේ ලෝකයේ සියලු දේ වෙනස්වනසුලුයි. විද්‍යාවටත් එම ගුණය පොදුයි. (නි)
දැන් තිබෙන මතය සහ පිළිගැනීම තමයි ආලෝකයේ වේගයට වඩා වේගයකින් කිසිම දෙයකට ගමන් කළ නොහැකි බව. මා මෙම පුවතෙන් තේරුම් ගත්තේ මෙම තාරකාව පිපිරීමේදී බිහිවූ විද්‍යුත් චුම්බක තරංග සහ නොයෙකුත් වර්ගයේ විකිරණයන් ආලෝක තරංගය පසුකර ගමන් කර ඇති බවයි. එය එසේ නොවේ නම් හරියටම මෙම තාරකාව පිපුරුන වෙලාව (ආලෝක පැය 3.3) මෙම විද්‍යාඥ පිරිස දැනගත්තේ කෙසේද? (නි)
මගේ පෙර සටහනට මෙයද එක් කිරීමට සතුටුයි. ප්‍රෝටෝන ව්‍යුහය විටින් විට වෙනස් වේ නම් එම නිසා ආලෝක තරංගයේ ශක්තිය ඉතාමත් සුළු වශයෙන් හීන වන බව තාප ගති විද්‍යාව සහ අනෙකුත් විෂයයක් ආශ්‍රයෙන් පෙන්විය හැක. මෙම නිරීක්ෂණය මඟින් මෙතෙක් කල් පිළිගත් මතය වූ ආලෝකය යනු විද්‍යුත් චුම්බක තරංගයකි යන්නට කෙසේ බල්පාවිදැයි දන ගැනීමට කැමතියි. (නි)
ගුරුන්ටත් අකුරු වරදී කියලා කියනවනේ (නි)
ඉදිරියේදී නව සොයාගැනීමක් අපි බලාපොරොත්තු වෙමු (නි)
අදහස් ලියන බොහෝ අයට මේ ලිපියේ අන්තර්ගතය තේරුම් ගන්න අමරුයි. එ්කයි නිශ්ශබ්ද (නදී)
ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් හොයා ගත්තා නම් තමා හොඳ. (නදී)