ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගෙන් තරගවලට සහභාගි නොවන ක‍්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අදහස් කර තිබේ.
මහනුවරදී මේ මස 12 වැනිදා ආරම්භ වන දේශිය තුන්කොන් තරගාවලියට සහභාගි කරවීම සඳහා එම ක‍්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට හේතුව වී තිබේ.
මෙවර අයි. පී. එල්. තරගාවලියේදී මහේල ජයවර්ධන (දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්), කුමාර් සංගක්කාර (සන්රයිසස් හයිද්‍රාබාද්) සහ ඇන්ජලෝ මැතිව්ස් (පූනේ වොරියර්ස්) යන ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ නායකයෝ ලෙස කටයුතු කරති. කෙසේ වෙතත් අසාර්ථකත්වය හේතුවෙන් කුමාර් සංගක්කාරට සහ ඇන්ජලෝ මැතිව්ස්ට බොහෝ තරගවලදී කණ්ඩායමේ ස්ථානය ද අහිමි විය.
ජීවන් මෙන්ඩිස්, (දිල්ලි), සචිත‍්‍ර සේනානායක (කොල්කටා), ලසිත් මාලිංග (මුම්බායි), අජන්ත මෙන්ඩිස් (පූනේ), කුසල් ජනිත් පෙරේරා (රාජස්තාන්), තිලකරත්න ඩිල්ෂාන් සහ මුත්තයියා මුරලිදරන් (බැංගලෝර්) සහ තිසර පෙරේරා (හයිද්‍රාබාද්) අයි. පී. එල්. තරගාවලියට සහභාගි වී සිටින සෙසු ක‍්‍රීඩකයෝ වෙති.
මුත්තයියා මුරලිදරන් මේ වන විට ජාතික කණ්ඩායමෙන් විශ‍්‍රාම ලබා සිටින අතර සෙසු ක‍්‍රීඩකයන් 10 දෙනා ජාතික කණ්ඩායම නියෝජනය කරන ප‍්‍රබල ක‍්‍රීඩකයෝ වෙති.
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට කොන්දක් තියෙන්න ඕන තමන්ට කැමති වෙලාවක ක්‍රීඩකයන්ව ගෙන්වාගන්න. මන්දයත් ඔවුන්ට ලක්ෂ ගණනක් ගෙවනු ලබන්නේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මිසක අනෙක් රටවලට ක්‍රීඩා කිරීමට නොවන නිසා.(නදී)
ඔක්කොම ඉන්නේ බංකුවේ වගේ. මන්දයත් දැනට සෙල්ලම් කරන අයත් තමන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාසය පෙන්නලා නැහැ.(නදී)
අපි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරමු අපිට අපේ කොල්ලෝ ටික වටිනවා. (ස)
අයියෝ එයාලට රැවුල වවාගන්න වෙලාවක් නැහැනේ හදිසියේ කැඳවපුවාම.(නදී)
එහෙනම් ඔක්කොමලා ගෙන්නන්ට වෙනවා. අපේ අය වැඩි හරියක් බංකුවේ තමයි.(නදී)