
(සනත් ගමගේ)
අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව යතුරෙන්ම විවෘත කර මුදල් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
ප්‍ර දේශිය ලේකම් කාර්යාලයේ නැගෙනහිර පැත්තේ ඇතුලත් වන වීදුරු සවිකර ඇති දොර කඩා කඩා කාර්යාලයට ඇතුල් වී ගණකාධිකාරි (සරප්) අංශයේද ජනෙල් කඩා ගෙන එම අංශයට ඇතුල් වී සේප්පුව අදාල යතුරෙන්ම සේප්පුව විවෘත කර සේප්පුවේ තිබූ රාජ්‍ය මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමානය කොතෙක්ද කියා තවමත් ගනනය කර නොමැති අතර රුපියල් ලක්ෂ 12 හෝ 15 ක් විය හැකි බවට අනුමාන කරන බවද කාර් යාල නිළධාරිහු පවසති.
ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ ටැබ් පරිගනක යන්ත්‍රයක් රැගෙන යෑමට ගෙන එය දමා ගොස් ඇති බවද පොලීසිය කියයි.
ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ ආරක්ෂාව සඳහා එක් ආරක්ෂක නිළධාරීයෙක් පමනක් රාජකාරියේ යොදවා තිබූ බවද පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපියේ තුන්වැනි ඡේදය පිළිගන්න බැහැ .මොකද දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල හවසට සේප්පු වහන්නේ සියලු මුදල් ගණන් බැලන්ස් කර ගණකාධිකාරි නැත්නම් ඒ වෙනුවට බලයලත් මුදල් සහකාර හෝ පරිපාලන නිළධාරි පරීක්ෂා කිරීමෙන් පසුව තමයි සේප්පුවේ තැන්පත්ව තියෙන නෝට්ටු කාසි හා චෙක්පත් ඒ ලේඛනයේ සටහන් කරන්න ඕන. අන්තිමේ භාරකාර හා බලය ලත් නිළධාරි අත්සන් කරන්න ඕන .එහෙම කරල නැත්නම් ඉතින් සේවය පැහැර හැරීමක් කරල තියෙනවා =.ඒ සමග සේප්පුවේ යතුරු සුරක්ෂිතව තියන්නත් ඕන කොහොමත් ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇත්තො ගැන කවර කතාද මහත්තයෝ
ඕක හොරකමක්යැ, යතුරු ඇත්තො සේප්පුව ඇරල මුදල් අරගෙන, යතුරු භාර අයට දෙකක් දුන්නම ඇත්ත කියාවි.