IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අමරකීර්ති ඝාතනයේ නඩු තීන්දුව ජනවාරි 14

(උපාලි රණවීර)

අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව  නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව  2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට   ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ. 

සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ. 

ධනුෂ්ක ලක්ෂාන්ත, ඔෂාන් සර්වනාත් දිල්ෂාන්, ගයාත්‍ර දිල්ෂාන්, මොහොමඩ් දිල්ෂාන්, සාගර ප්‍රනාන්දු, සුපුන් තරිඳු සුනිල් රත්න, ඉන්දික කුමාර විජේසිංහ, චමින්ද විරාජ් කුමාර, දිලින ඩිල්ෂාන් පෙරේරා, ලහිරු සම්පත් ධර්මබන්දු, චමින්ද රෝෂාන්, දිමුත් රංගන,  ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස, රාමයියා සත්‍ය කුමාර්,  හංසන ප්‍රගීත්  වනිගසූරිය,  බුද්ධික සංජීව විජේසිංහ,  කසුන් සමන් කුමාර, මනෝජ් ප්‍රසන්න එගොඩගේ, චාරුක දේශාන්, නඳුන් සඳකැල්  විජේබණ්ඩාර,සනත් වීර ප්‍රසන්න, මොහොමදු අසාර් අලි, සමිත අනුරංග සුරසිංහ, උපුල් දුමින්ද, මහින්ද කුමාර්, යොහාන් මධුභාෂිත ජයවීර, රංගන රුවන් නන්දසේන, රුක්මන් ශ්‍රී නලින් ජය කුමාර්, ශ්‍රීනාත් නෙරංජන් සිරිතුංග,  උජිත් චාමර ප්‍රසන්න හෙවත් බින්ගා, නිපුන් බුද්ධික දිල්ෂාන්, සුවිනීත් ප්‍රියංකර  කුමාරසිංහ, ක්‍රිෂාන්ත ප්‍රියලාල්,  අමිල නුවන් පෙරේරා, දිලූක ප්‍රභාත් ජයතිලක, සුසන්ත බණ්ඩාරනායක, නිරාජ්  මදුරංගෙ  කස්තුරි, යසිරු ශාමික, ලසන්ත සමීර ගුණසිංහ, ඉරේක අශාන් පීරිස්,  සහ රවිඳු නයනප්‍රිය ගුණවර්ධන යන විත්තිකරුවන්ය.

මොවුන් අතුරින් ඇන්ටන් ගේබ්බ්‍රියල් කුමාරදාස සහ නිපුන බුද්ධික දිල්ෂාන් නඩු විභාගය අතර තුර මියගොස් ඇත.

ලසන්ත සමීර ගුණසිංහ සහ ඉරේක අශාන් අධිකරණය මඟ හැර සිටිති.

ඒ අනුව විත්තිකරුවන් තිස් හත් දෙනකුට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.



අදහස් (2)

අමරකීර්ති ඝාතනයේ නඩු තීන්දුව ජනවාරි 14

Ananda Sooriyabadara Saturday, 25 October 2025 08:51 AM

මරණ දඩුවම අනිවාර්යයෙන්ම දිය යුතුයි.

:       3       84

දයාන් කන්නන්ගර Saturday, 25 October 2025 09:24 AM

අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් කළයුතු පසුබිමක් එදා රටේ තිබුනේ.. ඔවුන් මුලින් වෙඩිතියලා ජනතාව ප්‍රකෝප කළා... මේක සාමාන්‍ය තත්වයක්.. වරද මියගිය අයගේ...

:       65       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site