(දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)
මහ නගර සභාවේ මාසික රැස්විම සදහා සහභාගි වන නාගරික මන්ත්‍රිවරුන්ට ලබාදුන් දිවා ආහාරය අත්හිටුවිට ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්‍රි අසේල විජේසිංහ මහතා ගෙන ආ යෝජනවා අද (08)දින ඒකමතිව සභා සම්මත විය.
අනුරාධපුර මහ නගර සභාවේ මාසික රැස්විම නගර සභා ශ්‍රවණාගාරයේදි නගරාධිපති එන්.කරැණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්අද (08)දින පැවත්වුණි.
මෙහිදි මෙම යෝජනාව ඉදිරිපත් කරමින් නාගරික මන්ත්‍රි අසේල විජේසිංහ මහතා මෙසේද පැවසිය.
“මෙම සභා වාරයේ සිට මෙතෙක් කලක් නාගරික මන්ත්‍රිවරුන්ට ලබාදුන් දිවා ආහාරය තවදුරටත් අවශ්‍ය වන්නේ නැත.ඒ සදහා මාසිකව වැයවන රැපියල් විසිපන්දහසකට අධික මුදල නාගරික ජනතාවගේ සුබ සාධනයන් හා සභාබල ප්‍රදේශයේ සංවර්ධනය කර ගැනිමට සුදුසු බවත් මෙයින් යෝජනා කරනවා.”
“මේ තුලින් ඉතිරිතර ගන්නා මුදල සභාවේ ආදායම් හා වියදම් ශිර්ෂයන් තුලින් ඉතා අඩු මුදලක් වුවත් මහජන නියෝජියන් ලෙස අප විසින් කැපකරන මෙවන් කැපවිම් තුලින් කාර්ය මණ්ඩලයටත්,තිරසර පුරවර සංවර්ධනය සදහා ප්‍රජා දායකත්වය ලබාදිමට සුදානමින් සිටින මෙම නගරයේ නාගරික ජනතාවට ලබාදෙන ප්‍රබල ආදර්ශයක් වනු ඇති බවත් නාගරික මන්ත්‍රිවරයා මෙහිදි පැවසිය.
ඒ අනුව එම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අපුරේ නාගරික මන්ත්‍රිවරුන්ගේ දිවා ආහාරය අත්හිටුවයි
prasanna Tuesday, 08 July 2025 02:00 PM
මොකද මළ ගෙයක්ද?
පිටරටවැසියා Tuesday, 08 July 2025 03:09 PM
බොහොම හොඳයි. ඒත් ඊළඟට පත්වෙන නගර සභාවේ කට්ටිය ඔක්කෝම අත උස්සලා ආපහු ඕක සම්මත කරගත්තොත් ආයෙමත් වලංගුයි නේද? ඒක හින්දා රටේ සියළුම පළාත්පාලන ආයතන වලට ලැබිය යුතු පහසුකම් නීතියක් හැටියට පළාත්පාලන අමාත්‍යංශය හරහා පාර්ලිමේන්තුවෙන්ම 2/3 ක බහුතරයකින් සම්මත වෙලා ගැසට් වෙනවා නම් තමයි රටට යහපත් වෙන්නේ. නැත්නම් මෙදා පාර අවලංගු වෙච්චි ඒවා, ඊලඟ පාර වලංගු වේවි...!
අරවින්ද මොණරවිල Tuesday, 08 July 2025 03:10 PM
ඒක ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පවුල් වල පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දෙන්න වෙන් කරන්න කියලා ඉල්ලා සිටිනවා...!
kasun Tuesday, 08 July 2025 04:50 PM
මොනවද අප්පා මේ බොරු විකාර වැඩ. වැඩිපුරම තියෙන්නේ බොරු ශෝ තමයි...!