IMG-LOGO

අපරාධකරුවන්ගේ නම්පවසා කප්පම් ඉල්ලලා

( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි  )

සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ නම් පවසා පුද්ගලයෙකුට තර්ජනය කර රුපියල් කෝටික කප්පම් මුදලක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු  මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්‍ යු කේ වුට්ලර්  මහතා පැවසීය.

එම සැකකරුවන් එකී මුදලින් මිලදී ගත්තේ නවීන පන්නයේ යතුරුපැදියක්, තීරෝද රථයක් සහ අපරාධයට යොදාගත් සෙල්ලම් පිස්තෝලයක්  , යතුරුපැදිය , ජංගම දුරකථන සහ එම සිම්පත් සහ විවිධ බැංකු වලට අයත් ඒටිඑම් කාඩ්පත් මෙන්න යතුරු පෙදි සහ තීරෝද රථවල සියලුම ලිපි ලේඛන ද පොලිස් භාරයට ගෙන ඇත.

මැටියගනේ සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 9 වෙනිදින  බඩල් ගම මැල්ලව ගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු අමතා ඔවුන්  සංවිධානාත්මක අපරාධකරුවන හීනටියන  මහේෂ් සහ සංඛ  ලෙස හඳුන්වා දෙමින් රුපියල් කෝටියක කප්පම් මුදලක් අවශ්‍ය බවට පවසා ඇතැයි පොලිසිය කියයි.

ඊට බියව තිබූ එම පුද්ගලයා ඔවුන්ට ලක්ෂ විස්සක කප්පමක් ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 

.

 



අදහස් (3)

අපරාධකරුවන්ගේ නම්පවසා කප්පම් ඉල්ලලා

maalaka Wednesday, 18 June 2025 08:48 AM

මිනිසුන් අපරාධ කිරීමට බය නැත්තේ ,නීතිය ලිහිල් නිසා .එක්කෙනෙක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරලා . තව කීප දෙනෙක්ගේ මිම්ම ගත්තානම් .90% අපරාධ අඩු වෙනවා

:       0       4

ගුණරත්න Wednesday, 18 June 2025 08:54 AM

යසයි, දැන් හිරේ ගිහින් කොනෙක්ෂන් එක හදා ගන්න බැරිය

:       0       1

කව්ද බෝයි Wednesday, 18 June 2025 09:05 AM

ගම්පහ ඉන්න කඳයි, බඩයි මහත, අධිකරණයෙන් ඇඟ බැඳපු හිටපු ඇමතියාගේ ළඟ ඥාති දේපලක් වගේ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1748 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 572 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 664 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site