
(අංජුල මහික වීරරත්න)
අඳුරුතම යුගය පළවා හැර බලාපොරොත්තුවේ පහන්සිලෙන් ලොව ආලෝකමත් කරමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නත්තල් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.
විපක්ෂ නායකවරයා මෙසේද කියයි.
2025 නත්තල් උදාව අප වෙත පැමිණෙන්නේ, ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු අප ජාතිය මුහුණ දුන් වේදනාකාරී අත්දැකීම් මතකයේ තබාගෙනය. එම සුළි කුණාටුව හේතුවෙන් අපේම රටේ අපේම මිනිසුන්ගේ ජීවිත, දේපල, ජීවනෝපාය සහ බලාපොරොත්තු ආදී බොහෝ දේ අපට අහිමි විය. ඒ සියල්ලට වඩා අපගේ හදවතේ රැඳී ඇත්තේ, තමන්ගේ සෑම දෙයක්ම අහිමි කරගත් ජනතාවගේ කඳුළු සහ වේදනාව යි.
දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකිය. නපුර පළවාහැර යහපත රජකරවන යුගයක උදාවයි. අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකයක් උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකයයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු අප අත්විදි, අප දුටු ජාති, ආගම්, භාෂා භේදවලින් තොරව ඉහළ එසවී රොඳ බැඳුණු දෑතින් යුත් ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම, අන්‍යෝන්‍ය සහයෝගය සහ මානුෂීය හදවත ඔස්සේ අප රටක් ලෙස නැවත වරක් නැගී සිටිය යුතුය. ඒ එකමුතුකම අපේ ශක්තිය බවට පරිවර්තනය කර ගත යුතුය.
මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වූ දේශපාලනය නොව, ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන, රටේ අනාගතය ගොඩනගන, සාධාරණ සහ දයාවෙන් පිරි රටක් ගොඩනැගීමයි. ඉදිරියේ දී අපට රටක් ලෙස විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වේ. එබැවින් මේ විනාශයෙන් පාඩම් ඉගෙනගෙන, අසරණයන් ආරක්ෂා කරන, ආපදා හමුවේ ජනතාව තනි නොකරන රාජ්‍යයක් බිහි කිරීම අප සැමගේ සාමූහික වගකීම යි. 2025 නත්තල අපට සිහිපත් කරවන්නේ, අහිමි වූ දෑ පමණක් නොව, අප තුළ ඇති අහිමි නොවූ දේ එනම්, එකිනෙකාට දයාව දැක්වීම, එකට සිටීම සහ හෙට දිනක් පිළිබඳ බලාපොරොත්තුවේ විශ්වාසය යි. ඒ විශ්වාසය සමඟ, ශ්‍රී ලංකාව නැවතත් ශක්තිමත්, සාධාරණ සහ මානුෂීය ජාතියක් ලෙස නැගී සිටිය හැකි බව මම දැඩිව විශ්වාස කරමි. එබැවින් මෙවර නත්තල සකල ලෝකවාසී ශ්‍රී ලංකාවාසී කිතුණු බැතිමතුන්ටත් සමස්ත පුරවැසි පරපුරටත් සාමය, සෞභාග්‍ය, සංහිදියාව, එකමුතුකම සහ නව බලාපොරොත්තුවෙන් පිරි නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඳුරු යුගය පළවා හරිමු