IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


අනූනවයෙන් බේරුණු දුම්රිය මහා අනතුර

(ප්‍රසාද් රුක්මල් )

ඔහිය - ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රියට ගල් පෙරළීමෙන් ඊට දුම්රිය ඇන්ජිමක් සිරවීමෙන් සිදු වූ අනතුරින් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියවාර රැසක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි.

ඒ හේතුවෙන්  කොළඹ කොටුව සිට නානුඔය ඔය දක්වා පමණක්  දුම්රිය ධාවනය සීමා කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි .

බදුල්ල නානුඔය අතර දැනට දුම්රිය ධාවනය නොවන අතර අංක 1232 දරන කැලිප්සෝ සංචාරක දුම්රිය පමනක් බදුල්ල බණ්ඩාරවෙල අතර ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

කොළඹ කොටුව සිට පැමිනි අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයෙන් ආපසු හරවා අද(19) පෙරවරු 9.45 ට අංක 1016 උඩරට මැණිකේ දුම්රිය වශයෙන් නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය කළ බවත් , නානුඔය දුම්රිය ස්ථානයේ තිබු පොඩිමැණිකේ දුම්රිය කට්ටලය අංක 1006 පොඩිමැණිකේ දුම්රිය ලෙස පස්වරු 12.13 ට පමන නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය කරවූ බවත් දුම්රිය පාලක මැදිරිය සදහන් කලේය .

කොළඹ කොටුව සිට පෙරවරු 5.55 ට අංක 1005 පොඩිමැණිකේ දුම්රිය ද පෙරවරු 9.45ට අංක 1015 උඩරට මැණිකේ දුම්රියද නානුඔය දක්වා පමනක් ගමන් ආරම්භ කරනු ලැබීය .

මේ අතර කොළඹ කොටුව බදුල්ල අතර ධාවනය වීමට නියමිතව තිබූ අංක 1007 සහ 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රියන් මෙන්ම මහනුවර බදුල්ල අතර ධාවනය වීමට නියමිතව තිබූ අංක 1126 සහ1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් ද අංක 1027, 1028 ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියන් ද ධාවනය නොවන බවත් දුම්රිය බළධාරින් පැවසුහ. 

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය අද (19) අලුයම 12.15 ට පමන ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබු විශාල ගල්පර්වත වල ගැටී එම ගල්පර්වත අතර දුම්රිය සිරවී දුම්රිය එන්ජිම පිලීපැනීමට ලක්වි ය.

මේනිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල නානුඔය දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇති අතර , නානුඔය කොළඹ කොටුව අතර පමනක් දැනට දුම්රිය ධාවනය වේ.

මේ අතර දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති විශාල ගල්පර්වත දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් , දියතලාව යුද හමුදා ,ගුවන් හමුදා භට කංඩායම් එක්වී දර දමා ගිනිතබා ගල්පර්වත රත්කර පුපුරා හැර කුලුගෙඩි වලින් ගසා ඉවත් කරන අතර, මේ සදහා විශාල නයිලෝන් කබද ඔවුන් භාවිතා කරන අයුරු දක්නට ලැබිණි .

මෙම ගල්පර්වත කඩා වැටී ඇති ස්ථානයේ ගල්පර්වත අතර දුම්රිය සිරනොවූයේ නම් දුම්රිය අඩි දහස් ගණනක ප්‍රපාතයට පෙරලී ගොස් විශාල අනතුරක් සිදු විමට ඉඩකඩ තිබිණායි දුම්රිය බළධාරිහු පැවසුහ .

කෙසේ වෙතත් අනූනවයෙන් එම අනතුර වැලකී ගොස් තිබේ.

 



අදහස් (0)

අනූනවයෙන් බේරුණු දුම්රිය මහා අනතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 85 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 923 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2540 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site