IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


අනුදි ගුණසේකර දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

2025 ලෝක රූ රැජින තරගාවලියට සහභාගී වීම සදහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනවිය අද (02) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලිය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර, ලෝකයේ රටවල් 110 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් මැයි 07 දින සිට 31 දක්වා පවත්වා තිබුණි .

එහිදී ඇය මෙම තරගාවලියේ අනු තරග 03ක අවසන් මහා තරගය දක්වා පැමිණ තිබීමත් , එහි බහු මාධ්‍යය ( Multi Media) අංශයේ තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබීමත් , ශ්‍රී ලංකා රූ රැජින තරගාවලි ඉතිහාසයේ පළමු වරට සිදුවූ සිදුවීමක් වීමත් විශේෂත්වයකි.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අනුදි ගුණසේකර, තමන් ජීවිතයේ එක් වරක් පමණක් අත්දැකිය හැකි සුන්දර අත්දැකීමකට රට වෙනුවෙන් මුහුණ දුන් බව පැවසීය. 

එහිදී තමන් අනුදි ගුණසේකර වශයෙන් ලෝකයා හැදින්වීම පසෙකලා "ශ්‍රී ලංකා" යන නමින් හැදින් වූ බවත්,  එය තමන්ට මහත් අභිමානයක් ගෙනැවිත් දුන් බවත් පැවසීය.

තමන් ලෝකයේ ලස්සනම තරුණියන් සමග පසුගිය මාසයක කාළය ගත කළ බවත්, තමන් යළි ලෝක රූ රැජින තරගාවලියකට සහභාගී වීමට බලාපොරොත්තු නොවන බවත් වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (0)

අනුදි ගුණසේකර දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 227 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 393 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 640 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site