IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම  තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

මොහු ඉකුත් පෙරේදා දින අලුයම 01.08 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි මෙම ව්‍යාපාරිකයා සිය ගුවන් යානා නිශ්කාශන කටයුතු නිම කර , ගුවන් තොටුපොළ විගමන අංශය වෙත පැමිණ සිටියදී , එහි රාජකාරී කටයුතු වල නිරත වී සිටි ආගමන විගමන නිලධාරීවරයා මොහුගේ ලියකියවිලි පරීක්ෂා කර බලා , ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ .

එහිදී මෙම ව්‍යාපාරිකයා සහ ඔහු සතු ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර , එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , එසේම එහි සටහන් කර ඇති විගමන මුද්‍රා ද ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබේ .

 



අදහස් (0)

අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරසවි අනධ්‍යන උද්ඝෝෂණයට ජල ප්‍රහාරයක්
2024 මැයි මස 13 13 0

බත්තරමුල්ල, පොල්දූව හන්දියේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවත්වමින් සිටි උද්ඝෝෂණය විසුරුහැරීම පොලීසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කළේ


සොබා දහම මට යළි අවස්ථාව දුන්නා
2024 මැයි මස 13 112 0

අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබ


කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට
2024 මැයි මස 13 545 0

කුලියාපිටියේ සුසිත් ජයවංස නමැති තිස් හැවිරිදි තරුණයා අතුරුදන් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටි මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන සිඟිති


අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට
2024 මැයි මස 13 215 0

පාකිස්තානයේ ප්‍රජානත්ත්‍රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යො


ඉන්දුනීසියාවට මහ වැසි: ජල ගැලීම්වලින් 41 ක් මරුට
2024 මැයි මස 13 227 0

ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. පසුගිය සති අන්තයේ ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද සක්‍රිය වී පුපුරා ගියේ ලාවා තට්ටු ද පිට කරමිණි.


අවසන් ග්ලැසියරයත් වෙනිසියුලාවට අහිමි වන ළකුණු
2024 මැයි මස 13 784 0

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ ගෝලීය උණුසුම නිසා නිර්මාණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 650 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2154 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1871 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site