(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපනයේ බර මව්පියන් මත පටවන ක්‍රමය වෙනස් කරන බව කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු විෂය මාලාව වෙනස් කර තිබෙන පාඩම් මාලාව වෙනුවට තව පාඩම් මාලාවක් හඳුන්වා දීම පමණක් නොවේ. අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අප බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජාතික අධ්‍යාපනය ,ප්‍රවාහනය මෙන්ම සෞඛ්‍යයේ ජාතික ප්‍රතිපත්ති සකස් සකස් කරන්න අප බලයට එන්න පෙර සිටම අදහසක් තිබුණා.පන්තියක දරුවෙක් ඉගෙන ගන්නා පාඩම් මාලාවෙන් එහා ගොස් ගෝලීය පුරවැසියා නිර්මාණය කිරීම සඳහා අප පළමු පියවර තබා තිබෙනවා. අනාගත සුහුරු වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියෙක් අප නිර්මාණය කළ යුතුව තිබෙනවා.2035 වැඩ ලෝකයට ගැලපෙන ලෙස එය කළ යුතුයි. අප හැමදාම දැක්කේ විෂය උගන්වා විභාග ලකුණු ක්‍රමයකින් මනින අධ්‍යාපනයක්.එතනින් එහාට ගොස් සංකල්ප වලින් අප දරුවන්ගේ අධ්‍යාපනය පෝෂණය කළ යුතුයි. සතුටින් ඉගෙනීමට අවස්ථාව තිබිය යුතුයි .ක්‍රීඩාවට සහ විභවතාවයට ඉඩ තිබිය යුතුයි.එමෙන්ම අධ්‍යාපනයේ බර මව්පියන් මත පටවා තිබීම අඩු විය යුතුයි.අවසානාත්මක අධ්‍යාපනය මෙය යැයි තවම දැඩි තීරණයක් අප තුළ නැහැ. ඔබේ අදහස් යෝජනා අපට ලබා දෙන්න.වෘත්තීය අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙන අතර මානව ශාස්ත්‍ර විෂයන් වලටත් නිසි තැනක් ලබා දෙනවා යනුවෙන්ද අමාත්‍යවරිය කීවාය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අධ්‍යාපනයේ බර මවුපියන්ට දෙන්නේ නෑ
ටිල්වින් සීයා Thursday, 24 July 2025 04:50 PM
අර දිවි නසා ගත්ත දරුවාගේ දෙමාපියන්ට ඔහේගෙන් වෙච්චි අසාධාරණේ ගැන කවුරුහරි ඇහුවොත් හිමීට මගහරින්න.. මේ විදියට දිනපතා චාටර් වෙන්න බෑ.
ගුණරත්න Thursday, 24 July 2025 06:44 PM
ඔබතුමා මොනවද මේ කියවන්නේ? මහජන බදු මුදලෙන් තමයි අධ්‍යාපනය සෞඛ්‍ය ආදී කටයුතු සඳහා වියදම් පියවන්නේ, එහෙම නැතිව තඹුත්තේගම අනුරගේ කුඹුරේ හාල් විකුණලා නොවෙයි. මිනිස්සුන්ට ඕක මුලදී දැනුනේ නැත්තේ කෙලින්ම බදු අයකළේ නැති නිසා, දැන් එහෙම නොවේ. වැටුපෙන් බදු කපාගන්නවා කියලා මිනිස්සු දන්නවා. ඒක නිසා ඔය කතා කිසිම තේරුමක් නැහැ...
Bunny Preena Friday, 25 July 2025 10:32 AM
ඒ වගේම පාසල් ළමුන්ට බොහොම අමාරුවෙන් කරපින්නා ගෙන යන පොත් බෑග් එකෙත් බර අඩු කරන්න බලන්න, ගොඩක් පිං සිදු වේවි.