දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය අප්‍රේල් 11 වැනිදා සිදුවූ මාරක අනතුරේ වීඩියෝ දර්ශන තංගල්ලේ වැසියන් කිහිප දෙනකුට ලැබී ඇත.
මහරගම ස්වර්ණාභරණ ව්‍යාපාරිකය ඒ ජී ඩී ශානක මහතා මේ අනතුරින් මිය ගියේය.
අධිවේගී මාර්ග මාධ්‍ය ඒකකයට පමණක් එම මාර්ගයේ සිදුවන දෑ ඡායාරූප ගැනීමට හා වීඩියගත කිරීමට අවසර ඇත.
එසේ තිබියදී එවැනි වීඩියෝවක් තංගල්ලට ලැබුණේ කෙසේදැයි බොහෝ දෙනෙක් අසති.
අධිවේගී මාර්ග අධ්‍යක්ෂ හා මෙහෙයුම් කළමනාකරු ඩී කේ රණතුංග මහතා පැවසුවේ අධිවේගී මාර්ග මාධ්‍ය ඒකකයේ වීඩියෝ රක්ෂණ සමාගමට හැර අන් අයට නොලැබෙන බවයි.
මෙම වීඩියෝව බාහිර පිරිසක් අතට පත්වූයේ කෙසේදැයි නොදන්නා බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්නි මානුෂීය මෙහෙයුමේ ඒවා එලියට දුන්නෙත් කවුද ? අපිද අන්න ඒ වගේ ඕවත් එලියට දීල ඇති ලස්සනට .(නදී)
ඒක තමා කියන්නේ ලංකාවේ අස්චර්ය කියලා.(නදී)
ඒ සමාගම තාක්ෂනයේ දැවන්ත දියුණුවයි.(නදී)
ගනන් ගන්න දෙයක් නෙමේ මොකද මේක ලංකාවනේ ?(නදී)
ඔයිට වඩා හාස්කමෙන් රෝගීන් සුවපත් වෙන රටේ ඕක ගැන ඔච්චර පුදුමවෙන්න දෙයක් නැහැ. (නදී)
අපෝ ඕක හොයාගන්න එක අපේ පොලිචියට සිම්පල්නේ, ඔය විඩියෝව තියන එක්කෙනක් අල්ලාගෙන දෙකක් තුනක් දුන්නා නම් ඔක්කොම කියයි (නි)
ඕක මොකක්ද ඇමති මණ්ඩල තීරණ එලි දක්වන්න කලින් එලියට එන්නේ. ඒවා එලියට දාන්න අපි යනවද ඔය රැස්වීම් වලට, අනේ මන්දා.(නදී)
මෝඩ මිනිස්සු. අපි ජීවත් වෙන්නේ දියුණු තාක්ෂණයත් සමග බව නොදන්නා මාර්ග අධ්‍යන්ෂක හා කළමනාකරු. (නදී)
ඇයි දැන් අධි වේගී (යැයි කියාගන්න) එකත් අධි ආරක්ෂිතද? (නි)
මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නොවෙයි නේ. වීඩියෝව තියෙන අයගෙන් ඇහැව්වම ලැබුනේ කොහෙන්ද කියලා දැන ගන්න පුළුවන්නේ. (නි)
අනතුරු වෙන්න හොඳනම් ඒවායේ පින්තූර ප්‍රචාරය වුනාම මොකද. මේ අනතුරු වලකාගන්න නම් ඒවා සිදුවෙන හැටි සජීවම පෙන්නන්න ඔනෙමයි.(නදී)
කෝ වීඩියෝව. අපිටත් බල්ලන්න් ඔනී.(නදී)
බාරව ඉන්න කෙනා කියනවා පිටට ගියේ කොහොමද කියලා දන්නේ නැහැ කියලා. එතකොට අපිද දන්නේ? (නි)
ලංකාවේ වෙන දේවල් වල හැටියට මේක පුදුමසහගත දෙයක්ද? (නි)
අපි දන්නේ නැති බව කියලා කියුවම එය ප්‍රශ්නයට උත්තරයක් වෙනවද ? ඉස්සර වෙලාම මෙයාව බෙල්ලෙඅන් අල්ලලා ඇතුලට දමන්න. දවසක් දෙකක් යනකොට උත්තර ලැබේවි.(නදී)