
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයෝ , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සහභාගී වූහ.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර ඒ සඳහා අතීතයේ ගත් පියවර ද ඔවුහු ඉදිරිපත් කළහ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් තමන් ගුරුවරියක් වෙලත් මොන්ටිසෝරි ළදැරියක් වගේ හැසිරෙන රෝහිනීට වැඩිය හේෂා හොඳයි වගේ අධ්‍යාපන අධීක්ෂණය කාරක සභාවට...!
මේ සඳහා මනෝ වෛද්‍යවරුන් සහ අධ්‍යාපනයට සම්බන්ධ නැති උගතුන්ද, උගත් මහා සංඝරත්නයද සහභාගි විය යුතුයි. නැත්නම් ආණ්ඩුවට ඕනෑ දේ මිසක් සත්‍ය ලෙසම රටට ඕනෑ දේ සිදු නොවනු ඇත...