IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


අද රෑ ලේ පාට සඳක් පායයි

(අංජුල මහික වීරරත්න)

අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ලෝක ජනතාවගෙන් සියයට අසූපහකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවද චන්දන ජයරත්න මහතා කීය.

සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව බව කී චන්දන ජයරත්න මහතා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතුපිට වැටීමෙන් චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කළේය.

අද(7)රාත්‍රී 9.57 සිට චන්ද්‍රග්‍රහණය හොඳින්ම දැක ගැනීමට ලැබෙන බව කී මහාචාර්යවරයා රාත්‍රී 11.01 සිට 12.22 දක්වා චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් පෙනෙන බව සඳහන් කළේය.

චන්ද්‍රග්‍රහණය දැකගත හැකි ඉතාම හොඳ අවස්ථාව හෙවත් ග්‍රහණ මධ්‍ය පස්වරු 11.42 ට යෙදී තිබේ.

මීට වසර තිහකට පමණ පෙර චන්ද්‍රග්‍රහණ අවස්ථාවකදී චන්ද්‍රයා කළු පැහැයෙන් දිස් වුවද මෑත කාලයේ පවතින අධික වායු දූෂණ නිසා චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වන බව මහාචාර්ය ජයරත්න මහතා කීය.එම නිසා මෙම චන්ද්‍රග්‍රහණය Blood Moon හෙවත් "ලෝහිත චන්ද්‍රයා" ලෙස හඳුන්වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

 



අදහස් (0)

අද රෑ ලේ පාට සඳක් පායයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 478 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17021 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 678 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site