දිවයින අවට වායුගෝලයේ පවතින කැළබිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වේ.

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි  හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකිය.

බස්නාහිර සහ දකුණු පලාත්වල උදය කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.