(ගයාන් සූරිය ආරච්චි සහ ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර දළදා වීදිය ප්‍රදේශයේ නවාතැන්පොළක අත් විලංගු ජෝඩුවක් දමා ගොස් තිබූ කැලණිය පොලිසියේ පොලිස් සැරෙන්වරයකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.
මාසයකට වැඩි කාලයක් එම අත්විලංගු යුවල බෑගයක දමා නවාතැන් පොලේ දමා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම නවාතැන් පොලේ කළමනාකරු බෑගය පරීක්ෂා කර බැලීමේදී මෙම අත්විලංගු ජෝඩුව හමුවීමෙන්අනතුරුව එම අත්විලංගු පොලිසියට බාර දී ඇත.
අනතුරුව පොලිසිය සිදුකළ විමර්ශන වලදී එම අත්විලංගු කැලණිය පොලිසියේ සැරයන්වරයකු විසින් දමා ගොස් තිබූ බව අනාවරණය වී තිබුණි.
එම අත් විලංගු යුවල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අනතුරුව එම සැරයන්වරයා මහනුවර පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව රජයේ දේපලක් සාවද්‍ය පරිහරණය හා අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ නිලධාරීන් විසින් එම සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අත් විලංගු නවාතැන්පොලේ දමා ගිය සැරයන්ට වැඩ වරදී