IMG-LOGO

'Warcraft' ආදායම් අතරට

2016-07-22-ent-10

ජුනි මස 10 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ආරම්භ කෙරුණු, ෆැන්ටසි ශානරයේ චිත්‍රපටයක් ලෙස සැලකෙන "Warcraft" මේ වනවිට ඇඩො.මිලියන 450කට ආසන්න ආදායමක් වාර්තා කරමින් මේ වසරේදී වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට දහයට එක්වීමට සමත් වී ඇත. මෙම නවතම චිත්‍රපටයට පිරිවැය වශයෙන් වැයවී ඇති මුදල ඇ.ඩො. මිලියන 160කි. ට්‍රැවිස් ෆිමෙල්, පෝලා පැටන්, ඩොමිනික් කූපර් සහ බෙන් ෆෝස්ටර් ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබාදෙන අතර, මේ සඳහා පාදක වන්නේ අතිශයින් ජනප්‍රිය වූ "Warcraft" වීඩියෝ ක්‍රීඩාවයි.

යුනිවර්සල් චිත්‍රපට සමාගම මෙම සිනමාපටය නිසාම දැඩි මූල්‍ය අර්බුදයකට ගොදුරු වූ බව සැලකෙන මෙහි සම නිෂ්පාදනය තෝමස් ටල්, ජෝන් ජශ්නි, චාල්ස් රොවෙන්, ඇලෙක්ස් ගාට්නර් සහ ස්ටුවර්ට් ෆෙනෙගන්ගෙනි. ඩන්කන් ජෝන්ස්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ කතාව සහ තිර රචනයද අධ්‍යක්ෂ ඩන්කන් සහ චාල්ස් ලෙවිට්ගෙනි. 2014 වසරේ ජනවාරි මස මස සිට ඇමෙරිකාවේ වැන්කෝවර් නගරයේ රූගතකිරීම් ඇරඹි මෙම චිත්‍රපටය සීමන් ඩුගන්ගේ සිනමා කැමරාකරණයෙන් හැඩවූවකි. සිනමා සංගීතය රමින් ජවාඩිගෙනි.

ඔහු ජර්මානු සම්භවයක් සහිත ඉරාන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු වීමත් කැපී පෙනෙයි. කෙසේ වෙතත් තවමත් මේ සඳහා විචාරකයන්ගෙන් එතරම් ධනාත්මක ප්‍රතිචාර නොලැබීමත් සුවිශේෂි විශේෂත්වයකි.

 



අදහස් (0)

'Warcraft' ආදායම් අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 366 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 830 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site