
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාර්ශ්වයන්ට ක්‍රියාකාරකම් වර්ධනය කර ක්‍රියාත්මක කළ හැකි සහයෝගිතා වැඩ රාමුවක් සැපයීමටත්, පවතින සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පහසුකම් සැලසීමටත් හැකි වන පරිදි එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය (UNITAR) සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර වසර 03 ක කාලයක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.
එකී අවබෝධතා ගිවිසුම යටතේ විශේෂයෙන්ම තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අදාළව පුහුණු සහ ඉගෙනුම් සහාය, රාජ්‍යතාන්ත්‍රිකයින් පුහුණු කිරීම, ආපදා අවදානම අවම කිරීම සහ අර්බුද කළමනාකරණය හා භූ - තොරතුරු තාක්ෂණය භාවිතය පිළිබඳව පුහුණු කිරීම අපේක්ෂා කෙරේ. ඒ අනුව, දෙපාර්ශ්වය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් කැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකිය සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
UN එක්ක රාජතාන්ත්‍රිකයන් පුහුණු කරන ගිවිසුමක්
MMSB Tuesday, 24 December 2024 12:44 PM
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පුහුණු පාසලටද අනෙකුත් රටවල් මෙන් පොලිස් බලකායන් පුහුණු කිරීමට අවශ්‍ය වේ.