(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මෙරට නිල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
ගෝපිනාත් මහත්මිය මෙම මස 15 සහ 16 දෙදින මෙරට සංචාරය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂවරයකු 2005 වසරෙන් පසු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවත් මහ බැංකුව කීය.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘ශ්‍රී ලංකාවේ අර්ථිකය යථා තත්වයට පත්කිරීම - ණය පාලනය’ මැයෙන් මේ මස 16 වැනිදා පවත්වන සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස ගීතා ගෝපිනාත් මහත්මිය සහභාගි වන බව ද එම බැංකුව පැවසීය.
ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සහ සෙසු ප්‍රධාන කොටස්කරුවන් සමඟ ඇය මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට ද නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකාව මෙරට සංචාරයක