IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


9700 කට කොරියා වාසනාව නැතිවෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොරියාවේ පුහුණු වෙල්ඩින් ශිල්පීන් 10,000කට ආසන්න ප්‍රමාණයකට  ඉල්ලුම  තිබුණද වෘත්තීය පුහුණු අධිකාරිය   මෙරටින් යවා ඇත්තේ 300 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.

මේ අනුව රැකියා වෙළෙදපොළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව  කෝප් කමිටුව එම අධිකාරියට පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේද සහය ලබා ගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලීමක් කළේය.

මේ තොරතුරු අනාවරණය වූයේ වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යසාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

මේ අතර වෘත්තීය පුහුණු අධිකාරියේ  අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු හිටපු සභාපතිවරයාගේ අනීතික පරිපාලන තීන්දු නිසා  සිදුවූ අලාභය පියවා ගැනීම සහ  ඒ සම්බන්ධයෙන් පියවර  ගැනීම සඳහා  පරීක්ෂණ පවත්වා සති දෙකක් ඇතුළත ඒ වාර්තා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශයට උපදෙස් දුන් බව කෝප් කමිටුව පවසයි.

අධිකාරියේ මූල්‍ය අධ්‍යක්ෂ ඇතුළු ආපදාන තනතුරු හතක්ම පුරප්පාඩු වී පවතින බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන  ජගත් පුෂ්පකුමාර සහ  ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර,  ඉරාන් වික්‍රමරත්න,  චමින්ද විජේසිරි,  මේජර්  සුදර්ශන දෙනිපිටිය,  ප්‍රේම්නාත් සී දොලවත්ත,  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,  රාජිකා වික්‍රමසිංහ,  මධුර විතානගේ,  ජගත් කුමාර සුමිත්‍රාආරච්චි සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



අදහස් (0)

9700 කට කොරියා වාසනාව නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site