IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


82 නැන්දම්මාට ගැසීයැයි ලේලිය සැකපිට

පිළියන්දල ප්‍රදේශයේ දෙමහල් නිවසක නිවසක් පිටුපස තාවකාලික කාමරයක සිටි 82 දි නැන්දම්මාට වද හිංසා කළැයි සැකපිට 52 දි ලේලියක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

විලාප හඬ ඇසී අසල්වැසියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදු විය.

ඇයට ගල් පහරක් වැදී ඇතැයි ද, බීමට දුන් වතර බෝතලයේ දිය සෙවෙළ බැඳී ඇතැයි ද පොලිසිය කියයි.

විශ්‍රාමික බැංකු නිලධරයකුගෙන් ද මේ සම්බන්ධයෙන් කටඋත්තරයක් ගෙන ඇත.

 

 



අදහස් (0)

82 නැන්දම්මාට ගැසීයැයි ලේලිය සැකපිට

සරත අතාවුද Thursday, 26 December 2013 05:49 AM

පුතාටයි ලේලියටයි රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ. (ත)

:       0       0

නිශ්ශංක Thursday, 26 December 2013 06:46 AM

හැදිච්ච අම්මලාගේ නැහැදිච්ච දරුවෝ.(නදී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 26 December 2013 08:28 AM

දෙමව්පියන්ගේ වැරදි. තල හිටෝලා මුන් ගන්න බැහැ වගේම ඔය වගේ ළමයින් හැදුවා නම් ඉතින් ඔවැනි ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙනවා. අනිත් දෙමව්පියන්ට හොඳ පාඩමක් මේක. (නදී)

:       0       0

ප්‍රියා Thursday, 26 December 2013 09:30 AM

අනේ පව්කාර ගැහැණියනේ. ඔබටත් දවසක මීට වැඩිය දුක් විදලා මැරෙන්න වෙන්නේ. අම්ම පුතාව කිරි දීල හදපු නිසා නේද අද සැප විදින්නේ.(නදී)

:       0       0

යස්මින් Thursday, 26 December 2013 09:43 AM

ඔය ලේලිට හොඳ දඬුවමක් දෙන්න. (නදී)

:       0       0

ශ්‍යාමා Thursday, 26 December 2013 10:35 AM

වපුරන දේවල් නෙලාගනී. (නදී)

:       0       0

චන්දි Thursday, 26 December 2013 11:19 AM

මේ අම්මගේ දරුවෝ වෙන නැද්ද, මේ පුතා ජිවතුන් අතර නැද්ද, පව් අසරණ මවක්, මහලු නිවාසයකට හෝ බාර දෙන්න.., ගොඩක් පින් ලැබේවි! (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 26 December 2013 12:09 PM

අම්මත් කරපුවා වගේම ,අම්මටත් කරපුවා ලැබේවි එයාලට.(නදී)

:       0       0

කුමාරි Thursday, 26 December 2013 01:20 PM

හදවතක් නැති ලේලියක් කවදා හරි මේයාටත් මේ දේම වෙයි(දිල්)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 26 December 2013 01:22 PM

''බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට - මැනලා වී පතක් දුනි මල්ලකට - ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට -මැනලද පුතේ ''කිරි'' දුනේ මා නුඹට ''(දිල්)

:       0       0

සීතා Thursday, 26 December 2013 01:42 PM

දරුවන් හදන්න දෙමාපියන් කොපමණ දුක් විදිනවද? අවසානයට දරුවන් දෙමාපියන්ට සලකන විදියද ඔය.? අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී. ඒ ඉර හඳින් නුඹේ ලෝකය එළිය වුණි. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහට විදි. පිය සෙනහසට කවි ගී ලියවුණා මදි. (ස)

:       0       0

රෝසා Wednesday, 25 December 2013 06:08 PM

මේ මිනිස්සු මොන ලෝකෙක යන්නද මේ තරම් පව් කරන්නේ.(නදී)

:       0       0

නීලා Wednesday, 25 December 2013 06:10 PM

පුතාලා ළඟ ඉන්න අම්මලට ඔය දේ තමයි කවදා හරි වෙන්නේ. ආපහු එයාටම ඕවා සහගහනවා.(නදී)

:       0       0

දස්තකීර් Wednesday, 25 December 2013 06:33 PM

කොට්චර උගත්තත් පලක් නැත ... වයසක උදවියට සැලකිල්ලක් දක්කවන්නට බැරිනම්.....නැන්දම්මාගෙන් ලේලිට වැරදි වෙන්න ඇති අතීතයේ නමුත් වයසට ගිය යට හිංසා කිරීම පාපයකි .... (අ)

:       0       0

රේණුකා Wednesday, 25 December 2013 06:55 PM

අසු දෙකක් කියන්නේ අත්දැකීම් සමුදායක් පව් ආයෙත් දුක් විදින්න ලැබෙන එකක් නැහැ.තුණුරුවන් සරණයි (දිල්)

:       0       0

ගාමිණි Wednesday, 25 December 2013 08:23 PM

ගෙවල් දොරවල් ලොකුවට හදල තියෙන ගොඩක් තැන්වල තත්වය ඕක තමා.(දිල්)

:       0       0

රොහානි උඩුමුල්ල Wednesday, 25 December 2013 08:25 PM

ගෙදර බුදුන් අම්මා හිරිහැර කරන්න එපා. ඔයත් අම්ම කෙනෙක් නේද? මගේ ජීවිතය නම් මගේ අම්මා (දිල්)

:       0       0

මේනකා ලොකුපතිරණ Wednesday, 25 December 2013 08:36 PM

ගාමිණී ඔබේ අදහස වැරදියි. ගෙවල් ලොකු පොඩි නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ මනුස්සයා කියන කෙනා ලග මනුස්සකම ගෑවිලාවත් නැති එකයි. ගෙයක් ලොකු උනත් පොඩි උනත් හිත සංවේදී නැත්නම් කොහොමද තවත් කෙනෙක් ගැන හිතන්නේ. මේ ආච්චි පව්. දරුවෝ හදල ලොකු මහත් කරාට පස්සේ අන්තිමට දුක් විදිනවා.පව් ගොඩක් පව්.(නදී)

:       0       0

පාරා Wednesday, 25 December 2013 08:37 PM

කාලකන්නි හැදුවම ඔහොම තමියි අම්මේ. පොලිස් මහත්වරුණේ ඔබට පුලුවන්නම් ඔය වයෝවෘද අම්මව වැඩිහිටි නිවාසයකට යැව්වොත් ඔබලා කර ගන්නා ලොකුම පිනක්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 25 December 2013 08:44 PM

මේක ඉතින් ආදී කාලේ ඉඳල තියෙන වලියක්නේ නේද ? (අ)

:       0       0

ජගත් සෞදි Wednesday, 25 December 2013 08:47 PM

අම්මා තාත්තාට දෙවිවරුන්ට වගේ සැලකිය යුතුයි අපේ මිනිස්සු පින ළඟ තිබුනත් අහක බලනවා (අ)

:       0       0

සත්‍යයා Wednesday, 25 December 2013 08:54 PM

අම්මට සළකන්නේ නැති රටක නැන්දම්මා ට සළකයි කියා සිතිය හැකිද? (අ)

:       0       0

සේනානායක Wednesday, 25 December 2013 08:55 PM

කවදා හරි 52 ලේලියටත් එයාගේ දරුවන්ගෙන් ඔහොම සැලකුම් ලැබෙයි. ඔය අම්මා තව කොච්චර කාලයක් ජීවත් වෙයිද? මේවා පෙර ආත්ම වල අකුසල් කියලා හිත හදා ගන්න ආච්චි අම්මේ. මේ ආත්මයේ පින් කරලා පින් වන්ත දරුවන් ලබන ආත්ම වලදී ලබා ගන්න ප්‍රාර්ථනා කරන්න.බොන්න දීල තියෙන වතුර දැක්කම ඉතුරු ටික හිතා ගන්න පුළුවන්. අසල්වාසීන්ට ගොඩක්ම පින් අවදානෙන් ඉදලා මැදිහත් වෙලා මේ අම්මව බේර ගත්තට. (අ)

:       0       0

senthilnathan Wednesday, 25 December 2013 09:07 PM

මටනම් මේකේ මොකවත් නොතේරියි (අ)

:       0       0

ශෂිනි Wednesday, 25 December 2013 09:09 PM

ලස්සන හුරු බුහුටි පොලිස් කාන්තාවක්. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 25 December 2013 09:11 PM

මේ වයස තමයි කුඩා දරුවෙක් වගේ ආදරයෙන් බලා ගන්න ඕනේ වැඩිහිටියෝ. කවදා හරි ඒ අය වයසට ගියාම මේ වගේ විපාක එයාලගේ දරුවන්ගෙන් විදින්න ලැබෙයි. ජීවත් වෙන ටික කාලේ ඇයි සතුටෙන් ඉන්න දෙන්නේ නැත්තේ.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 25 December 2013 09:29 PM

'' බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට..-මැනලා දුන්න වී නැලියක් මල්ලකට..-ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට..-මැනලද පුතේ කිරි දුන්නේ මන් නුඹට..'' (ත)

:       0       0

සලීම් Wednesday, 25 December 2013 09:32 PM

ආරේ ගුණ නෑරේ කියනවනේ ලේලිත් ඒවගේ කෙනෙක්.(නදී)

:       0       0

ශිවා Wednesday, 25 December 2013 09:43 PM

අක්කේ ඔයාගේ ළමයි ඔය වයසට ගිය දවසට මෙහමයි සලකන්නේ. (නදී)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 25 December 2013 09:50 PM

දුවනියනේ, ඔබේ මවත්, සැමියාගේ මවත් කියන්නේ එකම කෙනෙක් කියා හිතන්න. ඔබට හොද සැමියෙක් ලැබුනේ මේ අම්ම නිසා ඔබට හොද සැමියෙක් වගේම ඒ අම්මට හොද පුතෙක්, ඉතින් ඇයි මේ විදියකට සලකන්නේ. ගෙදර බුදුන් අම්මා පුතේ නුබටයි දඩුවම් දිය යුත්තේ මොකද නුබ නුබේ මව් ගැන සොයා බැලුවා නම් මේ මවට මෙලෙස නොවන්න ඉඩ තිබුනා මේ ලේලිය පිලිබදව මගේ බලවත් අප්‍රසාදය.(නදී)

:       0       0

කනිෂ්ක Wednesday, 25 December 2013 10:12 PM

මිනිස්සුන්ගේ කරුමේ තමයි (දී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 25 December 2013 10:18 PM

පවුකාර ළමයි (දී)

:       0       0

ප්‍රදීපා Thursday, 26 December 2013 12:01 AM

ලොකුවට ගෙවල් හදාගන පුරාජේරුවට හිටියත්, අම්මා ඉන්නේ පුංචි කාමරයක. ඒ මදිවට ගල් ගහලා මොන අපායේ යන්නද. තව ටික කාලයක් ජීවත් වෙයි. ඉන්න ටිකට දුකක් නොදී බලාගන්න බැරි මෙහෙමත් දරුවෝ? (නදී)

:       0       0

ශාන්ති Thursday, 26 December 2013 12:35 AM

මේ අම්මව වැඩි හිටි නිවාසයකට බාර දෙන්න එතන මීට වැඩියෙන් හොද වෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site