IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


8 ක් මාරා දමද්දී බලාගෙන සිටියැයි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ

(උපාලි ආනන්ද)

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා නියෝග කළේය.

විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසට ද මහධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා තවදුරටත් නියෝග කළේය.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බණ්ඩාර උප පොලිස් පරික්ෂක ජී. එල්. සෝමරත්න පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ.එම්. නිහාල් ප්‍රේමතිලක සහ අර් ආර් සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන විත්තිකරුවන්ටය.

නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කෙරුණේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රත්න බණ්ඩාර සහ කේ. එම්. මයුරසේන යන විත්තිකරුවන්ය.

1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

 



අදහස් (7)

8 ක් මාරා දමද්දී බලාගෙන සිටියැයි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ

visnu Monday, 29 April 2024 08:47 AM

මහාධිකරණ විනිසුරුට ගරු කරන්න. හොඳ තීරණයක්. අද පොලිසිය කරදරයක් වෙලා. ඔවුන් තමන්ගේ වගකීම දන්නේ නැහැ. අපරාධකරුවන් දිරිමත් කිරීම.

:       1       21

lasanda Monday, 29 April 2024 09:47 AM

සමාජයේ බොහෝ කොටසක්ම පිරිහී ඇත බැවින් පොලිසියට කියා අමුත්තක් තිබිය නොහැකියි. බොහොමයක් පොලිස් නිලධාරීන් පොලෝසියේ හා අධිකරණයේ වෙනස නොදන්නා බව සිදුවන් දෑ තුලින් පෙනේ. පොලිසියක ස්ථානාධිපති කියන්නේ එම වසමේ නිතිය හා සාමය ඇතිකිරීමේ නියමුවා මිසක මහේස්ත්‍රාත් වරයා නොවෙයි. එදා කොච්චර ම්ලේච්ඡ ලෙස අහිංසකයින් 8 දෙනෙකු මැරුවත් නඩු තීන්දුව ප්‍රකාශ කරත්දී මේ කියන ස්ථානාධිපති වරයා සිහිනැතිව විත්ති කුඩුවේ ඇදගෙන වැටුනලු . මේවා අනිත් අයටත් පාඩම් .

:       0       8

Samith Monday, 29 April 2024 11:25 AM

නිකන් හරි රනිල්ට විරුද්ධව බෝඩ් එකක් එල්ලන් සිටියා නම් බලාගන්න තිබ්බා බුරාගෙන පනින හැටි...

:       1       5

ජයනාත් Monday, 29 April 2024 12:00 PM

88,89 කාලෙත් ඔය වගෙ අහිංසකයං මැරුම් කෑව. ඒව ට නඩු නැති ද...

:       1       7

SamanMonday, 29 April 2024 02:41 PM

අර හමුදා කදවුරු ඇතුළේ මැරිච්ච 60,000 ගැනද කියන්නෙ?

:       0       1

Prabha Monday, 29 April 2024 03:23 PM

කවුද ඒ සන්නද්ධ කණ්ඩායම කියලා කියන්නේ

:       0       0

Hafeel Monday, 29 April 2024 05:44 PM

අද රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලයෝ පත් කළ ජනාධිපති රනිල් බලයේ ඉන්නේ. ඒ වගේම ළඟදී විමල් වීරවංශත් නඩුවකින් නිදොස්කොට නිදහස් කළා. නැත්නම්, මේ වෙලාවේ අපේ විමලුත්, රාජපක්ෂ ගෝලයලාත්, ඩෙන්ලාත් අන්න රණවිරු දඩයමයි කියලා පාරට බැහැලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ
2024 මැයි මස 12 503 0

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල


අයිතිකරුවකු නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ
2024 මැයි මස 12 414 0

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.


කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී
2024 මැයි මස 12 500 1

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසි


පුරාවස්තු සමග අයෙක් සැකපිට
2024 මැයි මස 12 505 1

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හ


රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක්
2024 මැයි මස 12 1360 15

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස


මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ
2024 මැයි මස 12 1854 2

සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 627 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2129 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1853 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site