IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


8 වැනි විධායක ජනාධිපති දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.

හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි.

පාර්ලිමේන්තු ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ම දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන ජීවිතයේ දී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් අගය කළ නායකයෙකු ලෙස ප්‍රකටය.



අදහස් (20)

8 වැනි විධායක ජනාධිපති දිවුරුම් දෙයි

Kumara Thursday, 21 July 2022 10:28 AM

අරගලයට ජයවේවා

:       40       31

කවියාThursday, 21 July 2022 06:25 PM

හය වතාවක් අගමැති පදවියට පත්--තුන් වතාවක් ජනාධිපති පදවියට පත් ලොව එකම දේශපාලනඥ බල පත්--රනිල් වික්‍රමසිංහ ගරු අභිමනට පත්

:       0       0

ravin Thursday, 21 July 2022 10:53 AM

ඇත්තනෙ පත්වුනේ පර්ලිමෙන්තුවෙ ඉන්න අයගෙ චන්දෙන්නෙ, ඉතින් දිවුරුම් දීමත් ඒ අය ඉදිරිපිටම තමා වෙන්න ඔනෙ.

:       3       39

Sharn Thursday, 21 July 2022 11:13 AM

ජනාධිපති වී කලට වේලාවට නිවැරදි සහ හරවත් තීන්දු තීරණ ගෙන ජනතා යහපත වෙනුවෙන් කටයුතු කරයි කියා සිතමි. සුබ පැතුම්

:       14       61

වර්ණකුලසූරිය Thursday, 21 July 2022 02:23 PM

මෙතුමා පළමුව ස්තුති කළ යුත්තේ අරගලකරුවන්ටයි. අරගලකරුවන් නොවන්නට අද රනිල් වික්‍රමසිංහ නාමය ජනාධිපති නොවන්නේය. ස්තුතිය වෙනුවට මර්ධනය නොවෙන්නට අපි ප්‍රාර්ථනා කරමු...!

:       0       0

දාස Thursday, 21 July 2022 11:18 AM

දැනටමත් පන ගිහිල්ල වගෙයි කොල්ලගෙ පෙනුම

:       19       21

SanthuThursday, 21 July 2022 12:06 PM

පන ගිහින් තියෙන්නෙ තරුන කොල්ලන්නෙ

:       14       12

SanthuThursday, 21 July 2022 12:32 PM

ඒ පෙනුම හොඳයි මරු මුස් අලු ගෝසු පෙනුමට වඩා

:       10       14

Santhu Thursday, 21 July 2022 12:04 PM

මාස 3ක් ඇතුලත රැල්ලක් එකතුව නොකා නොබී, තම තුට්ටු 2ත් වියහිදම් කරමින්, රනිල් වික්‍රමසිංහ මහතාව ඡනපති තනතුරට පත්කිරීමට අපමන වෙහෙසක දැරූ, කුලී තරුන කැලට, ඒ ගත් මහනසියට,අනේ පෟ කොල්ලො ටික කියල හිතෙනව වගෙම, ඒ රැල්ල ගෝල් ෆෙස් වෙත දියත් කිරීමට අනේක අප්‍රමාන වෙහෙසක් දැරූ, ඒ සංවිධායක වරුන්ට අපගේ හෘදයාංගම කනගාටුවත් මේ සමගම

:       16       31

ganegoda Thursday, 21 July 2022 12:28 PM

ඔය ඔක්කොම සෙල්ලන් ඊලග මහ මැතිවරණය වෙනකන් විතරයි .. සමහරවිට ඊට ඉස්සෙල්ලත් වෙන්න පුලුවන් !

:       16       19

Ranil Rajapaksa Thursday, 21 July 2022 12:44 PM

අන්තිමෙට මහින්දත් රනිල්ට චන්දෙ දුන්න එහෙනම්. එ කියන්නෙ මුන් රනිල් ගැන බොරුනෙ කියල තියන්නෙ මහබැන්කුව කැඩුව කියල. මගෙ ඊලග මනාපෙ රනිල්ට. අත්ත පෙන්වාදුන් මහින්ද මැතිදුන්ට අපි සදා නයගැති.

:       4       23

Chan Thursday, 21 July 2022 01:05 PM

හැම විටම ලංකාවේ නායකයන් අසාර්ථක වූයේ මහජන මතයට සවන් නොදී තමා වටේ සිටි සුළු සුළු කණ්ඩායම්වල අවශ්‍යතා ඉටු කිරීමට යාම නිසා මහජන අප්‍රසාදයට පත් වීමෙනි. එබැවින් මෙවර ඔබ මේ රටේ සැබෑ බහුතර මතය හා අවශ්‍යතාවය පුද්ගලිකවම හඳුනාගෙන ඒ අනුව කටයුතු කලහොත් මහජන අදහස් නියෝජනය කරන ලද නායකයකු විය හැකිය. අපේ රටේ සැබෑම ප්‍රශ්ණ සුළු කොට තකමින් ජනතාව කිසිසේත් අපේක්ෂා නොකරන ඊනියා ව්‍යවස්ථා අවශ්‍යතාවයන් පෙනවා දීමට උනන්දු වන අය සමග ප්‍රවේශමෙන් ගනුදෙනු කරමින් හා විධායක ජනාධිපති ධූරය අහෝසි නොකර විධායක බලය යොදමින් පවතින නීතිය සැමට පොදුවේ ක්‍රියාත්මක කරවන්නේ නම් ඔබ අති සාර්ථකම ජනාධිපති ලෙස ඉතිහාස ගත වනු ඇත. මේ කුඩා ශ්‍රී ලංකාව ලෝකයේ බැබලවිය හැක්කේ ස්වාධීන හා නොබැඳි රටක් ලෙස කටයුතු කිරීම තුලින් මිස තෝරාගත් පාර්ශව වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමෙන් නොවේ. එය කල හැක්කේ විධායක ජනාධිපතිවරයකුට පමණකි.

:       3       20

Chris Thursday, 21 July 2022 01:09 PM

අංගුලිමාලටත් රහත් වෙන්න පුළුවන් නම් ඕන කෙනෙක්ට පුළුවන් තමන්ගෙ අතීත වැරදි හදාගන්න, හොඳ වැඩක් කරන්න. අපේ රට ලෝකයේ හොඳම රට බවට පත් කිරීමට හෝ සියලුම ශ්‍රී ලාංකිකයින්ට සාමකාමී ජීවිතයක් ගත කිරීමට ඔබට සුබ පැතුම්!!!

:       6       25

fairoos Thursday, 21 July 2022 01:35 PM

පිං අගමැති දැන් පිං ජනාදිපතිවෙලා..කාලය මැවූ වෙනස

:       12       17

BT Thursday, 21 July 2022 02:04 PM

නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් හිමිකර ගත්, වාසය කිරීමට සුදුසු නිවසක් හෝ ජනාධිපති මන්දිරයක් හෝ නොමැති, මෙරට ප්‍රථම ජනාධිපතිවරයා 21වන සියවසේ දෙවැනි දශකයේ දිවුරුම් දුන් වගයි.

:       0       0

Piyasena Thursday, 21 July 2022 02:22 PM

බලමු අපේ නීතිවිරෝධී, ලැජ්ජාවක් ගෑවිලාවත් නැති ජනාධිපතිට ජාත්‍යන්තරයෙන් ගලාගෙන එන සුබපැතුම්...!!! 

:       0       0

chanda Thursday, 21 July 2022 03:05 PM

අතිසාර්තකව රට අරාජිකත්වයට දක්කන තිරය පිටුපස සිට හා අරගල භුමිය තුළ සිට සිදුකල මිලකළ නොහැකි සේවාව වෙනුවෙන් සියල්ලටම මාගේ ආචාරය පුද කරමි..!

:       0       0

විපරමා Thursday, 21 July 2022 03:28 PM

මේ වෙලාවේ රට පත්වෙලා තියෙන භයානක ආර්තික අර්බුදයට විසඳුම් දෙන එකයි වැදගත් වෙන්නේ...? ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත පවුල් පාලනේ කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නිසා. රට වලපල්ලටම ඇදලා දැම්මා... මහා මැතිවරණයකදී ජනතාව නිවැරැදි තීන්දුවක් ගනීවි...

:       0       0

Demuni Uduwara Thursday, 21 July 2022 11:18 PM

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී 134 ක ගේ 8 වැනි ජනාධිපති නමුත් මිනිසුන්ගේ?

:       0       3

Demuni Uduwara Thursday, 21 July 2022 11:35 PM

ජනතාවගේ නොව , මණ්ත්‍රීවරු 134ක ගෙන් පත්කරගත් විධයක ජනපති

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site