
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ලංකාව ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවයක් ඇති රටක් බවට පත් වූයේ ඉකුත් සැප්තැම්බර් මාසයේ අනුර කුමාර ජනාධිපති වූ පසුවදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
"අප රටේ 76 වසරක සෞඛ්‍යයේ විශිෂ්ටත්වය ගැන ලෝක ප්‍රසාදයට පත් වූ බව මේ සභාවේ කියැවුනා.ඒ කියන්නේ වසරක කාලයේ ළමා මරණ අනුපාතය අඩුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව 77.2ක් පමණ වෙනවා.ලෝකයේ එම අගය 71.4යි.දකුණු ආසියාවේ 68.4යි.මේ අනුව 76 වසරකදී සිදුවී ඇත්තේ සාපයක්ද කියා මා අහන්න කැමතියි.ලංකාවේ මාතෘ මරණ අනුපාතය 18.3යි.ලෝකයේ සමස්තයක් ලෙස ගතහොත් එම අගය 197.3 යි. මෙය වසර 76ක ප්‍රගතියක් නොවේද?
ළමා මරණ අනුපාතය අප රටේ දහසකට 4.1යි.ලෝකයේ 17.3යි.දකුණු ආසියාවේ16.1යි. මේ සියලු ප්‍රගතින් ලැබුවේ අවුරුදු 76ක කාලය තුළ නොවේද? එසේ නොමැති නම් මේ ප්‍රගතිය ලැබුවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ අනුර කුමාර ජනාධිපති වූ පසුවද?ඒක පුද්ගල වියදම් දෙස බැලූ විට අඩුවෙන්ම වියදම් කර ගුණාත්මක තත්ත්වයෙන් ඉහළම සෞඛ්‍ය සේවාව ලබා දෙන්නේ අපේ රටයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ අය හින්දා...
වසර 76 ක ප්‍රගතිය ගැන කතාකරන මෙයා මොන කාල වකවානුවේද සෞඛ්‍ය ඇමතිකමක් කළේ ?
වසර 76 ක කාලයේ ස්වර්ණමය යුගය තමයි කෙහෙළිය යුගය - "සෑම රෝහලක් ඉදිරිපිට මල් ශාලාවක් ඇත..." අඩුවෙන්ම වියදම් කර ගුණාත්මක තත්වයෙන් ඉහළම සෞඛ්‍ය සේවාව ලබාදෙන්නේ අපේ රටයි - අඩුම මුදලක් වියදං කර පල් වතුර බෙහෙත් කුප්පි විදලත් මේ රටේ මිනිස්සුන්ගේ ආයු කාලය හොඳයිනේ, මරණ අනුපාතයත් අඩුයිනේ...
නොදැකපු කෙනෙක් කිව්වා නම් කමක් නැහැ. ඔබතුමා පිටරට ගිහින් දැකලා තියනවා නේද? අපේ රටේ කොළඹින් පිට ඉස්පිරිතාල දැකලා තියෙනවා නේද? ඇයි එහෙනම් මෙහෙම අමු ගල් කෙබර නෙලන්නේ? මහත්තයෝ අද කාලෙ මිනිස්සුන්ට මේවා දැනගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් රට යන්න බැරි වුණත්. ඔහොම පච කෙලල නම් ඉතින් රට දිනන්න බැහැ.
ප්‍රවාහනය, අධ්‍යාපනය, ගොවිතැන, බලශක්තිය, මානසික නිදහස, මේවා ඔක්කෝම ෆේල් සජිත්...