IMG-LOGO

‘70 සමරන්න එජාපෙන් අලුත් වැඩක්‘

තවත් නොබෝ දිනකින් එජාපයේ 70 වැනි සංවත්සරය පැවැත්වෙන බවත් ඒ වෙනුවෙන් ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස පළමු වතාවට පරිගණකයෙන් හා ස්මාර්ට් දුරකථනයෙන් මෘදුකාංගයක් හරහා පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීම හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානම් බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ආණ්ඩුව ලබාගන්නා ණය විනිවිද භාවයකින් යුතුව ගන්නා බවද පසුගිය කාලයේ ගත් ණය පියවීමට, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට හා පොදු ජනතාවට සේවය කිරීමට ඒ මුදල් ආයෝජනය කළ බවත් කී ඇමැතිවරයා පසුගිය කාලයේ ගත් ණය ආයෝජනය කළේ සංවර්ධනයට නොව සංදර්ශනයට බවත් කීවේය.

webkabbaDSC_1695



අදහස් (0)

‘70 සමරන්න එජාපෙන් අලුත් වැඩක්‘

රජින්ද Tuesday, 21 June 2016 09:29 PM

කොයිතරම් අලුත් වෙන්න හැදුවත් පරණ දේ තමයි තවමත් වෙන්නේ. (හේ)

:       0       0

හෙලන් Wednesday, 22 June 2016 01:55 AM

අනේ හැබෑට දැන් කරන්න තියෙන දේවල්ද නුඹලා කරන්නේ? (නි)

:       0       0

සඳරුවන් Wednesday, 22 June 2016 02:28 AM

දැන් ඔච්චරයි අඩු (නි)

:       0       0

ජයම්පති Wednesday, 22 June 2016 02:47 AM

මේ යන විදිහට ඔය වගේ මෘදුකාංගයක් හදන එක හොඳයි. මොකද ඉදිරියේදී ගෙවල් ගානේ ගිහින් සාමාජිකයෝ එකතු කරගන්න නම් බැරිවෙයි. (නි)

:       0       0

විජි Wednesday, 22 June 2016 03:04 AM

පිළිගන්න අකමැති වුණාට ලංකාව ඉස්සර ඉඳන් ඉන්දියාවෙ කොළනියක් වගේ තමා. (නි)

:       0       0

ප්‍රියංකර Wednesday, 22 June 2016 03:06 AM

දැන් ෆ්‍රී වයිෆයි දීලා , ඩේටා ගාන අඩු කරපු නිසා මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න පුළුවන් (බ)

:       0       0

මල්කි Wednesday, 22 June 2016 05:41 AM

මම එජාප මන්ත්‍රීලගෙන් ඉල්ලා සිටිනවා මේ දිනයේදී මහජන මුදල් වලින් වාහන පර්මිට් නොගන්න බවටත් , සුපිරි වාහන නොගන්න බවටත් , පිටරට සවාරි නොයන බවටත් දිවුරා පොරොන්දු වන ලෙසට. එදාට අපිට සැබෑ එජාප පාක්ෂිකයන් විදිහට සතුටු වෙන්න පුළුවන්. (බ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 22 June 2016 07:38 PM

වැඩියෙන්ම ශ්‍රී ලංකාව විනාශකළ දේශපාලුවෝ සිටින අම්බලම මොකක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

සේන Wednesday, 22 June 2016 06:44 AM

රටේ විනාශයට මුල්වූ තීරණ ගත්තේ එජාපය යි විවෘත ආර්ථිකය .විජේවීර නිදහස් කිරීම .ඉන්දීය හමුදාව ලංකාවෙන් පිට කිරීම , කොටින්ට සල්ලි, ආයුද,. සිමෙන්ති දීම , කොටින්ට උ /නැ පාලනය බාර දීම , මේවා මොනතරම් රටට හානිකර වුවාද? පොඩ්ඩක් හිතා බලන්න (බ)

:       0       0

හර්ෂණ Wednesday, 22 June 2016 06:50 AM

හෂීම් මහත්තයෝ ඔබතුමාට පින් සිද්දවෙනවා අපේ රටට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුනේ ඕක විතරයි.(බ)

:       0       0

බන්දුල Wednesday, 22 June 2016 07:12 AM

දැන් වයිෆයි රට පුරාම. බැලුන් ගිය ගිය තැන, එපමණි අඩු අපිට. (බ)

:       0       0

විපුල Tuesday, 21 June 2016 03:06 PM

මේ අවුරුදු 70 ව ඇතුළත මේ පක්ෂ නායකයන් විසින් කළ කී දෑ අපිට නම් හොඳට මතකයි (නි)

:       0       0

ලලිත් Tuesday, 21 June 2016 04:41 PM

දැන්නම් ඉතින් ඕවා කර කර ඉඳලා හරියන්නේ නැහැ. අන්තිමට කවුරු කවුරුත් කරපු දෙයක් නැහැ. (නි)

:       0       0

සුසන්ත Tuesday, 21 June 2016 04:49 PM

අපිට 23 වැනිදා ඉස්සරහට යනවද පස්සට යනවද තීරණය කරන්නලු එජාපෙන්. ලංකාව දැන් ඇමරිකාවේ, එංගලන්තේ, යුරෝපයේ විතරක් නොවේ, ඉන්දියාවේත් කොලනියක් වෙලා. (නි)

:       0       0

සුනිල් Tuesday, 21 June 2016 05:24 PM

කරන්න පොරොන්දු වුණ දේවල් මුලින් කරලා අවසන්වෙලා ඔය මෘදුකාංගය අපිට දෙන්න! (නි)

:       0       0

රුවන් Wednesday, 22 June 2016 09:25 AM

පක්ෂය විසින් රට ගෙන ගියේ ඉස්සරහටද පස්සටද යන්න තාම තේරිලා නැහැ වගේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 326 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site