IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


47 වැනි ගේ තෑගි කරන්නත් මාධ්‍යවේදියා මුල් වෙයි

දඹුල්ල ලංකාදිප මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාගේ වසර 15 මාධ්‍ය දිවියේ අසරණ ජනතාව වෙනුවෙන් සිදුකල හෙලිදරව් තුලින් ඉදිවු 47 වන නිවස ගෙහිමියන්ට බාරදීම ඊයේ 14 දින මධ්‍යම පළාත් ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් දඹුල්ලේදි සිදු කෙරින.

පසුගිය ඔක්තොම්බර් මස දඹුල්ල රත්මල්ගහ ඇල පදිංචි ජේ. පි. සුධර්මා රත්නමාලි මහත්මියගේ පවුලේ අසරණ කම පිලිබද පුවත පල විමත් සමග දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සිය නිලධාරි කණ්ඩායමත් සමග මෙම පවුලට පොලිස් නිලධාරින්ගේ වැටුපෙන් ආධාර මුදලක් ද ලබා දිීමට තරම් පොලිස් නිලධාරිහු ආදර්ශමත් වුහ.

ලොව පුරා සිටින විවිධ අය තමන්ට හැකි අයුරින් නිවස ඉදිකර දිම සදහා ආධාර උපකාර කිරිමින් නිවසේ ඉදිකරීම් එක් එක් අය කොටස් වශයෙන් භාර ගත්හ.

තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රදිප් සමන් කුමාර නැමිති තරුණයා මෙම නිවස ඉදිකර දිමට සම්පුරණ ශ‍්‍රමදායකත්වය ලබා දිමට කටයුතු කලේය.

DSC05760 DSC05769 kanchana-kumara-ariyadasa new-house photo_00638 photo_00659 photo_00671 photo_00784-1



අදහස් (0)

47 වැනි ගේ තෑගි කරන්නත් මාධ්‍යවේදියා මුල් වෙයි

පද්මසිරි Thursday, 14 January 2016 01:27 PM

එන්රික්ලට දුන්න සල්ලි වලින් මේවගේ දේවල් කරානම් කොච්චර හොඳද බොහොම හොඳ අගේ කලයුතු දෙයක්. (ර)

:       0       0

මනෝජ් Thursday, 14 January 2016 01:34 PM

ප්‍රජා පොලිස් සිද්ධාන්ත දාර්ශනිකයි. වග කිව යුත්තෝ තවම අන්ධයි. (ර)

:       0       0

ලෙහාන් Thursday, 14 January 2016 01:49 PM

නියම වැඩක් කාන්චන ඔබේ සහ පොලිසියේ වැඩය අගය කරනවා (බ)

:       0       0

අසංක Thursday, 14 January 2016 02:58 PM

මේ මාධ්‍යවේදියාගේ සේරම හොඳයි... පොලිසිය පුම්බන්න හදන එක තමයි නරක හැම ප්‍රවෘත්තියකදීම(අ).

:       0       0

මහින්ද Friday, 15 January 2016 05:21 AM

ටිකිරි, මනෝජ්, ඔයාලා හිතන විදියට නොවේ අසංක හිතන්නේ (නි)

:       0       0

උදයසිරි Thursday, 14 January 2016 04:57 PM

වැඩේ හොඳයි. නමුත් කළ විදිය පිළිබඳ නම් අපිට ප්‍රශ්න තිබෙන බව අමතක කරන්න එපා (නි)

:       0       0

ටිකිරි Thursday, 14 January 2016 04:51 PM

අසංකගේ කතාවට මම විරුද්ධයි (නි)

:       0       0

රූපවතී Friday, 15 January 2016 04:44 PM

බොහොම හොඳ වැඩක්. මා මෙම පුවත දුටුවේ නැහැ. නැත්නම් මමද මෙයට සම්මාදම් වෙමි. ඔබ සැමගේ දහදිය බිදුවෙන් ඒ අසරණ මෑණියන් සහ දියණිය ලබන සතුටු කඳුලින් මේ සදහා දායක වූ සැමට සතුට පිරි නිරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ලැබේවා ..! (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 14 January 2016 11:08 PM

කොච්චර සතුටුදායක පුවතක්ද? මේ පවුලේ කට්ටිය අප්‍රමාණ සතුටක් ලබනවා ඇති. මාධ්‍යවේදියෙකුට සමාජයට කොපමණ මෙහෙවරක් කළහැකිද? පොලිසිය හොඳ වැඩක් කළාම හොඳයි කියන එකත් වරදක්ද? හැම පොලිස් නිලධාරියෙක්ම නරක පුද්ගලයෙක් නොවෙයි. (නි)

:       0       0

මනෝජ් Friday, 15 January 2016 12:40 AM

අසංක, ඔයා වැරදියි. ඔය වගේ වැඩක් කඩිනමින් කරන්න පුළුවන් එකම රජයේ ආයතනය (හමුදා හැර) පොලිසිය විතරයි. පුලුවන්නම් අනෙක් ආයතනයක් එක්ක වැඩ කරලා පෙන්නන්න. සමාජයේ ක්‍රියාකාරකම් ගැන පුළුල්ව හිතන්න පුරුදුවන්න. (නි)

:       0       0

ජයරත්න-කරුවලගස්වැව Friday, 15 January 2016 12:50 AM

කාංචන, ඔහොම යමු. ඔබට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site