(යොහාන් භාසුර)
අයහපත් කාලගුණයේ බලපෑමෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් අනාරක්‍ෂිත තත්වය හේතුවෙන් කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්‍රදේශ තුනේ පමණක් විදුලි විසන්ධි කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය අද (3) පස්වරුවේ පැවසීය.
එම විදුලිය විසන්ධිවීම් 35,000 ක සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා අළුයම 2.00 සිට අද (3) පෙරවරුව දක්වා වාර්තා වූ බව කී එම මණ්ඩලය මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ දෙණියාය ඇතුළු ප්‍රදේශ කීපයක විදුලි සැපයුම විසන්ධි කර නඩත්තු කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
එම ප්‍රදේශවල නඩත්තු කටයුතු අවසන් කළ වාහාම සැපයුම යථා තත්වයට පත්කරන බවත් ඇතැම් ස්ථානවල අඩි කීපයක් වතුර පැවතීම නිසා නඩත්තු කටයුතු සඳහා ළගාවිය නොහැකි වී ඇති බවත් එම මණ්ඩලය පැවසීය.
ගස් කඩාවැටීම් ආදි ආපදාවන් හේතුවෙන් විදුලිබල මණ්ඩලය සතු දේපළවලට හානි වී තිබුණ ද මේ දක්වා ඒවායේ වටිනාකම තක්සේරු කර නොමැති බව ද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
510
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
35,000කගේ විදුලිය බිඳ වැටිලා