IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


22ට එරෙහි විභාගය අවසන්:තීන්දුව කතානායකට

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් නවයේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබදව තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව අද ප්‍රකාශ කළේය.

මේ පිළිබදව ලිඛිත දේශන ඇතොත් ලබන (24) බදාදා සහ (25) බ්‍රහස්පතින්දා යන දිනයන්හි ගොනු කරන ලෙසට පෙත්සම්කරුවන්ට දැනුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද (23) සැලකිල්ලට ගැණීනි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 09 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි නිතිපති ජනාධිපති නිතීඥ සංජය රාජරත්නම් මහතා ප්‍රකාශ කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි වගන්තීන් මගින් ජනාධිපතිවරයාගේ බලතලවල ඛාදනය වීමක් සිදු නොවන බවත්, මෙමගින් සිදුවන්නේ ජනාධිපතිවරයාගේ බලය සීමාවක් වීම පමණක් බවත්ය.

 



අදහස් (0)

22ට එරෙහි විභාගය අවසන්:තීන්දුව කතානායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site