IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


22කට පොහොට්ටුවේ පිරිසක් විරුද්ධ වේ

(අජන්ත කුමාර අගලකඩ)

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන්,එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ ගැටලුවක් මතුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇති අතර,එම තත්ත්වය තුළ කෙටුම්පත සම්මත කර ගැනීම ගැටළුවක් වී ඇතැයි පැවසේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත්,අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවේ දීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.

එහි විශේෂත්වය වන්නේ එම සාකච්ඡා දෙකේදීම විජයදාස රාජපක්ෂ ඇමතිවරයා හැරුණු විට වෙනත් කිසිවකුත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අදහස් නොදැක්ව බවද දැනගන්නට ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබාදීම සම්බන්ධයෙන්ද පොදුජන පෙරමුණ දැඩි විරෝධය පළ කර ඇත.

මෙම පනත් කෙටුම්පත ඉකුත් 06 සහ 07දෙදින විවාදකර සම්මත කර ගැනීමට මුලින් දින වෙන් කරගෙන තිබුණද ඇතිව තිබෙන විරෝධය හමුවේ එය ලබන සතියට කල් දමනු ලැබීය

එය ලබන සතියේදී විවාදයට ගෙන සම්මත කර ගැනීම මේ තත්ත්වය තුළ ගැටළුකාරී වී ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (6)

22කට පොහොට්ටුවේ පිරිසක් විරුද්ධ වේ

ජගත් ලියනගේ Saturday, 08 October 2022 02:10 PM

ඕක සම්මත වුණේ නැත්තං අපිට මොකක්ද වෙන්නේ? බඩගින්නේ මැරෙන්න වෙයිද?

:       2       7

සමන්Saturday, 08 October 2022 05:07 PM

නෑ. බැසිල් ආපහු පාරක් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු ඒවි. කබ්රාල් වගේ ආණ්ඩුවට වැරැදි උපදෙස් දීලා ඩොලර් හිඟය සහ ආර්ථිකය නැති කළා කියපු අයත් ඉස්සරහට ඒවි. එතකොට ඉතින් බඩගිනි හැදේවි...!

:       2       11

Kumara Saturday, 08 October 2022 05:48 PM

පරිප්පුව මදි වගේ.. බඩට දැනිලා නෑ...!

:       3       8

Chandima Saturday, 08 October 2022 05:53 PM

රනිල්ට පින් ජනාධිපතිකම දුන්නේ ආණ්ඩුක්‍රමයේ වෙනස් කරන්න නැතිනම් ආර්ථිකය ගොඩගන්නද? නටන්න බැරි එකා පොළවේ ඇද කිය කියා ඉන්නවා වගේ වැඩක්නේ මේක..! එයා මේ හදන්නේ ඡන්දෙකට කළින් යාවජීව ජනාධිපති වෙන්න ජනතාව පත්කරපු නියෝජිතයින් කොන්ට්‍රෝල් කරන ක්‍රමයක් හදාගන්න...

:       3       3

Bishan Saturday, 08 October 2022 06:35 PM

පොහොට්ටුවේ අය කියන්නේ සැබෑම කාලකන්නි ජාතියක්...!

:       2       6

fairoos Sunday, 09 October 2022 01:20 PM

පොහොට්ටුවේ ඉන්න එවුවොන්ට රටට හෙණ ගැහුවත් කමක් නැහැ. මේ කාලකන්නි ඉන්නකම් රටට අබ සරණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site