IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


21ට ඡන්දය නොදුන් මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව ගම්මන්පිල ඉල්ලයි

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ද්විත්ව  පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට ඇති අයිතිය අහිමි කිරීමෙන් මවුබිම විදේශීය ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා  ඉවහල් වුණු විසිඑක්වෙනි   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත  අනුමත කිරීම සඳහා පැවති ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව තොරතුරු   දැන ගැනීමේ පනත යටතේ හැකි ඉක්මනින් ලබා දෙන්නැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කළේය.

විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මවුබිමට අතිශයින්ම තීරණාත්මක පනතක් හෙයින්  එම පනතට සහාය ලබාදීම යම් මන්ත්‍රීවරයකු මග හැරියේ නම්  මවුබිමට ඇති ඔවුන්ගේ පක්ෂපාතිත්වය පිළිබඳව යම්  සැකයක් මතුවන බවද   ඔහු පෙන්වා දුන්නේය.

එම ඡන්ද විමසීමට මන්ත්‍රීවරුන් 44 දෙනකු සහභාගි නොවූ බවට ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ බව පැවසූ මන්ත්‍රීවරයා  ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සියලු දෙනාම තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිවූයේ ඇයි දැයි ජනතාවට  කරුණු පැහැදිලි කිරීම යුතුකමක් බවද  සඳහන් කළේය.

දෙදහස්  දහසය  අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව එම තොරතුරු හැකි ඉක්මනින්   ලබා දෙන ලෙස උදය ගම්මන්පිල මහතා ඒ  ලිපිය මගින් ඉල්ලීමක් කළේය.



අදහස් (8)

21ට ඡන්දය නොදුන් මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව ගම්මන්පිල ඉල්ලයි

ganegoda Monday, 24 October 2022 03:04 PM

ලංකාවේ පිස්සන්ට ගහලා මරන්න තහනම් නිසා මේ මනුස්සයාව ගෙනිහින් අංගොඩ මානසික රෝහලට ඇතුලත් කරන්න

:       5       27

surasenaMonday, 24 October 2022 03:26 PM

බුද්ධාගමට කරපු නින්දාවට වස් වැදිලලු.

:       5       13

සමන් විමල Monday, 24 October 2022 04:30 PM

දේශපාලන කුහකකම ප්‍රදර්ශණය කරමින් රටට හිතවත් මිනිස්සුන්ගේ ප්‍රකාශ වලට එරෙහිව අමනෝඥ ප්‍රකාශ නොකර මතවාදීව අදහස් දක්වනු මැනවි .

:       6       7

surasenaMonday, 24 October 2022 05:37 PM

සමන් විමල වගේ අයට ඇමෙරිකාවේ භාෂාවෙන් කියන්නේ හාල්පාරුවා කියලා.

:       1       12

Hafeel Monday, 24 October 2022 04:14 PM

එදා විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට පක්ෂව චන්ද දීල මෙයාගේ අසීලාචාර ඇමරිකානුවන් ඇතුළු ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථා සලසා දීපු මේ මිනිහ, අද 21 වැනි සංශෝධනයට චන්දය නොදුන් මන්ත්‍රීලාගේ නම් ලැයිස්තුව ඉල්ලන්න එක ජනතාව මුළා කරන වැඩක්.

:       3       25

Prabha Monday, 24 October 2022 04:45 PM

එතකොට විස්සට අත ඉස්සුවෙ වැරදිලාද?

:       1       19

Prase Tuesday, 25 October 2022 07:44 AM

ගොන් කතාවක්, පනත සම්මත උනානම් ඕපාදුප වැඩක් නැහැ.

:       0       2

එමි එමි Thursday, 27 October 2022 07:46 AM

තොපි ඉතින් අර නමයි මෙි නමයි ඉල්ල ඉල්ල හිටපියවි එතකොට හරි ජනතාවගෙ ප්‍රශ්න එහෙමමයි .තොපි මෝඩ හරක් වගේ අර හරක් ගාලට ගිහින් කෑ ගහ ගහ ඉන්නවා . තොපිද මහජන නියෝජිතයො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site