IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


2032 ඔලිම්පික් දිනන්න දැන් තියා සූදානම් වෙයි

(අංජුල මහික වීරරත්න)

 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව 2032 බ්‍රිස්බේන් ඔලිම්පික්  තරගාවලියේදී පදක්කම් දිනන රටක් ලෙස අදිටන් කර ගනිමින් පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත.

එසේම කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩකාවන් 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට සහභාගී කරවා සැලකිය යුතු පරිසාදන මට්ටමක් ළඟා කර ගැනීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරනු ලබයි.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 



අදහස් (1)

2032 ඔලිම්පික් දිනන්න දැන් තියා සූදානම් වෙයි

kotiya Wednesday, 05 June 2024 04:57 AM

ප්ලෑනක් ඇතුව කරනවා නම් කරන්න පුළුවන් වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 513 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site