රටක් දියුණුව කරා ගමන් කිරීමේදී එහි ප‍්‍රතිරූපය ඔසවා තැබීම සඳහා මහා පරිමාණයේ කී‍්‍රඩා උළෙල ආධාර කරගත යුතු බවත්, එවන් අවස්ථා උදාකරදීම සඳහා තමන් සූදානමින් සිටින බවත් ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති, ෂෙයික් අහමඞ් ෆහාඞ් අල් සබාත් කුමරු පවසයි.
වසර 2017 දී පැවැත්වීමට නියමිත තුන්වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල හම්බන්තොට නගරයේදී පැවැත්වීම නිල වශයෙන් නිවේදනය කරමින්, කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී ආසියානු ඔලිම්පික් සභාවේ සභාපතිවරයා මේ බව පැවසීය.
"යුද්ධය කාලයේදී ශී‍්‍ර ලංකාව ලෝකයේම ප‍්‍රසිද්ධව තිබුණා. ඒත් දැන් තිබෙන පහසුකම්, ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව දකින්නත් පුදුමයි”
"දැන් ඔබලාට ඕනෑ කරන්නේ කී‍්‍රඩාවෙන් පෙරමුණ ගැනීමයි” යයිද ෂෙයික් අහමඞ් ෆහාඞ් අල් සබාත් කුමරු පැවසීය.
ශී‍්‍ර ලංකාව ඉදිරිත් වන්නේ නම් ආසියානු වෙරළ කී‍්‍රඩා උලෙල සංවිධානය කිරීමේ අවස්ථාවත් ශී‍්‍ර ලංකාවට පිරිනැමීට තමන් පසුබට නොවන බවද පැවසූ අල් සබාත් කුමරු, ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට නිල වශයෙන් පැවරීම සඳහා තමන්ගේම පෞද්ගලික ජෙට් යානයකින් ශී‍්‍ර ලංකාවට පැමිණියේය.
හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 2017 ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් (රුපියල් කෝටි 390 ක්) පමණ වැය වන බවත් ඒ සඳහා සූදානම් වීමට තමන්ට අවශ්‍ය තරම් කාලය තිබෙන බවත් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
වසර 2018 දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකාව ගත් උත්සාහය අසාර්ථක වුවද ඒ සඳහා ඉදිකිරීමට සූදානමින් සිටි කී‍්‍රඩා සංකීර්ණය ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල වෙනුවෙන් ඉදි කෙරෙන බවද කී‍්‍රඩා ඇමතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2017 දී හම්බන්තොටින් හිරු පායයි
සුදුමාටින් Friday, 15 June 2012 04:20 PM
මේවා හම්බන්තොටට එක එක නම් හොදයි.ඒත් ඉතිං හැම දෙයක්ම හම්බන්තොටට.අනේ මන්දා
හෙළයා Friday, 15 June 2012 04:50 PM
හම්බන්තොටින් හිරු පායාවි .... පවුලට
සල්මන් Friday, 15 June 2012 07:24 PM
මෙහෙම ගියොත් හම්බන්තොට දියුණු වෙයි...අපි නැති වෙයි.... හම්බන්තොටට ජය වේවා !!