IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


2015 පොදු රද මඩුළු සමුළුව මෝල්ටාවේ ?

2015 පොදුරාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන රට නිල වශයෙන් අද සවස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මුරිසි රාජ්‍යයට මේ සදහා කලින් අවස්ථාව හිමිව තිබුණ ද එරට රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ පැවති නායක සමුළුවට නොපැමිණීම හේතුවෙන් එරටට සත්කාරකත්වය අහිමිවිය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා පවසා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය පැවැත්වීමට නියමිත රාජ්‍යයේ රාජ්‍ය නායකයා මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පැමිණ අනෙක් රාජ්‍ය නායකයන්ට තම රටේ පැවැත්වෙන සමුළුව සදහා ආරාධනා කළ යුතු බවයි. මුරිසි රාජ්‍යයට අහිමිවූ අවස්තාව මෝල්ටාව ට හිමිවීමට නියමිතව ඇත.



අදහස් (0)

2015 පොදු රද මඩුළු සමුළුව මෝල්ටාවේ ?

ලලිත් Sunday, 17 November 2013 09:41 PM

සුනිල් මල්ලි, කොටින්ගේ ලණු කෑවෙ මුරිසිය විතරක් නෙමෙයි. ඉන්දියාවටත් වුණෙත් ඒ ටිකමයි. උතුරට මුලින්ම කැමරන්ට යන්න අවස්ථාව ලැබුනේ ඉන්දියාවේ අගමැති ලංකාවට අා නිසයි. දැන් එංගලන්තය උතුරේ දුක්ගන්නා රාල වෙලා ඉවරයි. ඒක ඉන්දියාවට ලැබෙන්න තිබු තත්වයක්. අවුරුදු ගනක් තිබුණු යුද්ධය අවසන් කරද්දී ඉන්දියාව බලපොරෝත්තු වූ තත්වය විහින් නැතිකරගත්තා. අන්තිමට ඉන්දියාවට සිංහල මිනිස්සුත් නැහැ. ලංකාවේ දෙමල මිනිස්සුත් නැහැ. මහා බ්‍රිතාන්‍යය තමන්ගේ ආධිපත්‍යය තහවුරු කරගත්තා. (නි)

:       0       0

වත්සලා Monday, 18 November 2013 04:58 PM

කුමාර, ඒ බස් එක මෝල්ටාව නෙමෙයි මෝල්කාව (නි)

:       0       0

සෙලියන් Sunday, 17 November 2013 10:23 PM

මුරුසි රටට නියම පාඩමක් (නි)

:       0       0

කුමාර Sunday, 17 November 2013 10:59 PM

මෝල්ටාව කියලා බස් එකක් ගාලු පාරේ යනවා මම දැකලා තියෙනවා (නි)

:       0       0

සනත් Sunday, 17 November 2013 02:01 PM

මොල්ටාවේ මිනිස්සුන්ටත් අපිට වගේම දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

ධම්ම Sunday, 17 November 2013 02:06 PM

මුරුසි ලොකු මහත්තයා අදාල අයගෙන් අහලා කියයි. මොකද ඔච්චර හදිස්සි? (නි)

:       0       0

උපුලි Sunday, 17 November 2013 02:16 PM

ලාංකිකයෙක් හැටියට මම සුභපතනවා (දී)

:       0       0

ආනන්ද Monday, 18 November 2013 12:33 AM

කොටියන්ට මේක හොඳ පාඩමක්. මුරුසියටත් හොඳම පාඩමක්. (නි)

:       0       0

පාලිත Sunday, 17 November 2013 02:32 PM

ඒ රට ඇහුවෙත් දැනුයි (දී)

:       0       0

ප්‍රසන්න Monday, 18 November 2013 01:54 AM

අපේ ඇහැලේපොල නිලමේ මිය ගියේ මුරිසියේ නේද? සුද්දෝ ඔහුව මුරිසියට පිටමං කළා. (මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න) (නි)

:       0       0

ආනන්ද Monday, 18 November 2013 03:06 AM

පාලිත, ඔයා නොදන්නා දේ තව ලෝකයේ ගොඩක් තියෙනවා. ඒ නිසා කට පරිස්සම් කරගෙන ඉන්න (නි)

:       0       0

අසංග Sunday, 17 November 2013 03:15 PM

පොඩි රටක් වූ මුරිසි රාජ්‍යයට එවැනි තීරණයක් ගන්න පුළුවන් උනානම් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මුරිසි රාජ්‍යයට හොඳ පාඩමක් උගන්වා තියෙන්නේ.(දිල්)

:       0       0

ජගත් Monday, 18 November 2013 06:19 AM

පාලිත, ඔයා සමාජ අධ්‍යයනය අසමත්ද? (නි)

:       0       0

සුගත් Monday, 18 November 2013 06:20 AM

කුමාර, ඔයාට පිස්සුද ? ලංකාවේද ඉන්නේ? බස් එක මෝල්ටාව නෙමෙයි, මෝල්කාව. මතුගම පැත්තේ තියෙන්නේ. (නි)

:       0       0

සුනිල් හෙට්ටිආරච්චි Sunday, 17 November 2013 04:56 PM

මුරුසිය කොටින්ගේ ලනු කෑවා. එම නිසා මෝල්ටාවට දීපු එක හොදයි (දිල්)

:       0       0

හේවාවිතාරණ Sunday, 17 November 2013 06:40 PM

හොඳ වැඩක් (දිල්)

:       0       0

හිරාන් Sunday, 17 November 2013 08:27 PM

අපේ ලංකාව තරම් හොදට කරන්න බැහැ කාටවත් (දී)

:       0       0

රවී Monday, 18 November 2013 10:36 AM

අපේ ජනාධිපති තුමාට ජය වේවා !!!! ලංකාව තරම් හොඳ රටක් තවත් නෑ. (ස)

:       0       0

ආරියසේන Sunday, 17 November 2013 09:27 PM

යමක් විශ්වාස කරනවා නම් ඒක තමන් දකින්න ඕනා, තමන්ට ඇසෙන්න ඕන එහෙමත් නැත්නම් තමන් අතින් අල්ලගන්න ඕනා. මේ තුනම නැතුව අනුන් කියපු දෙයක් කෙරෙහි විශ්වාසයක් තැබුවාට හොඳ පාඩම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site