ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය විසින් 2011 වර්ෂයේ දි 12 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ක‍්‍රියාත්මක කරන ලද Volley Aall Festival වැඩ සටහනට අනුබද්ධව පැවැති ඡායාරූප තරගයකින් පළමු ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිවී තිබේ.
මෙම වැඩසටහන පසුගිය වසරේ මැයි 31 හා ජුනි 01 වන දිනවල බදුල්ල හාලිඇල ජාතික පාසල් ක‍්‍රීඩාංගනයේදී සංවිධානය කරන ලද අතර එහිදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රසාද් රශ්මික විසින් ගන්නා ලද ඡුායා රූපය 2011 වසරේ ලොව හොඳම ඡායාරූපය වශයෙන් ජාත්‍යාන්තර වොලිබෝල් සම්මෙලනයේ තාක්‍ෂණික කමිටුව විසින් තෝරා ගනු ලැබ ඇත.
හාලිඇල මුගුණුමත විද්‍යාලයේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන නෙත්මි ශාක්‍යා ක‍්‍රීඩිකාව මෙම ඡායාරූපයේ සිටින්නීය.
Volley Aall Festival යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ රටවල් 220 තුලම 2011 වසරේදී කි‍්‍රයාත්මක කරන ලදි.
මෙම ඡායාරූපය 2012 වර්ෂයේදී ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනයේ සියලූම ප‍්‍රකාශන වල යොදා ගැනීමට ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය තිරණය කර ඇති අතර එහි රූපය ප‍්‍රථම ස්ථානය දිනා ගැනිම හේතුවෙන් මේ වසරේ ඇමරිකාවේදී පැවැත්වෙන 33 වන ජාත්‍යාන්තර වොලිබෝල් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට විශේෂ තිළිණයක් පිරිනමන බවටද ජාත්‍යාන්තර වොලිබෝල් තක්‍ෂණික කමිටුව නිවේදනය කරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
2011 වර්ෂයේ හොඳම වොලිබෝල් ඡායාරූපය ශ‍්‍රී ලංකාවෙන්
thussy Wednesday, 01 February 2012 08:25 PM
සුදුසු දේට සුදුසු තැන
නලීන් සංජීව Thursday, 02 February 2012 01:58 AM
ගොඩක් සතුටුයි