IMG-LOGO

2011 ඉෂෙඩ් ස්කෝර් ලකුණු අහෝසි කරයි

2011 අපොස උසස් පෙළ  සරසවි පිවිසුම් සඳහා වන ඉෂෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය බල රහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැරැණි හා නව නිර්දේශ යටතේ ප්‍රමාදයකින් තොරව සරසවි පිවිසුම් නව ගණනයක් දෙන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කෙළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තිරණය කෙළේ මෙම කඩඉම් ලකුණ ක්‍රමය යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12/1 වගන්තිය උල්ලංඝනය වී ඇති බවයි. උසස් පෙළ සිසුහු 16 දෙනෙක් හා ලංකා ගුරු සංගමය මෙ පෙත්සම ඉදිරිපත් කෙළේය.



අදහස් (0)

2011 ඉෂෙඩ් ස්කෝර් ලකුණු අහෝසි කරයි

සේනානායක Monday, 25 June 2012 10:48 PM

දේශපාලනයේ නිරුවතද මේ හෙලි වෙන්නේ.......

:       0       0

අනුරංග Monday, 25 June 2012 04:25 PM

ඔය z එක හදපුහෑටි දන්න්නවද? මෙහෙමයි හෑදුවෙ වීභාගයේ මුලු ලකුනු අරගෙන ඒක මේවුව කරල එකෙ උත්තරේ මෙහෙම කරල ආයි ඒක මෙහෙම කරල යන්තම් අටවල ගත්තෙ. …පවු සමනළයා .................

:       0       0

සමන් Monday, 25 June 2012 04:03 PM

අනික් නඩු තීන්දු වලට වෙච්ච දේම මේකටත් වෙයිද?

:       0       0

සුබාෂිණි Monday, 25 June 2012 04:47 PM

අනේ හොදයි.වෙනත් රටකින් ඉවත් කරපු ක්‍රමයක් ගෙන්නලා කරන්න හදපු දේට විරුද්ධව දුන්න හොද තීන්දුවක්

:       0       0

ශා Monday, 25 June 2012 05:09 PM

අති විශිෂ්ට තීන්දුවක්

:       0       0

චාටර්... Monday, 25 June 2012 05:51 PM

සල්ලිත් නැ.... සනීපත් නැ...

:       0       0

සුජිත් සමන්ත Monday, 25 June 2012 06:02 PM

පටිපාටි දෙකක ඉෂෙඩ් ස්කෝර් ලකුණු වලින් කොහොමද විශ්ව විද්‍යාල වලට ළමයි තෝරන්නේ?

:       0       0

තරී Tuesday, 26 June 2012 06:15 AM

කාලෙකින් අහන්න ලැබුණු හොද තීරණයක්

:       0       0

ප්‍රභා Tuesday, 26 June 2012 07:00 AM

අපේ ළමයි විද්‍යාගාර වල ඉන්න මීයෝ වගේ

:       0       0

2011 උසස්පෙල කරපු සිසුවෙක් Tuesday, 26 June 2012 07:31 AM

එතකොට ඔය කවුරුත්ම ඇයි හිතන්නෙ නෑත්තෙ පරණ ප්‍රතිපලය අනුව සරසවි වරම් ලබපු, නමුත් ඉදිරියට එන නව ක්‍රමයට අනුව සරසවි වරම් නොලෑබෙන සිසුන් ගෑන? ඒ අයට ආයේමත් උසස් පෙල ලියන්න සූදනම් වෙන්න පුලුවන් කාලයක් තියෙනවද? තව මාස 1.5 යි ඊලග උසස් පෙල විභාගෙට?

:       0       0

අන්කල් Monday, 25 June 2012 01:17 PM

ඇති යන්තම් මගේ ළමයටත් කැම්පස් යන්න පුළුවන් වෙයි.....

:       0       0

සුමිත් Tuesday, 26 June 2012 07:40 AM

ලංකාවේ මෙහෙම අධිකරණ මණ්ඩලයක් තියෙනවා කියන එක විශ්වාශ කරන්නත් අමාරුයි මට නම්

:       0       0

සිසිර Monday, 25 June 2012 01:18 PM

ඇමතිවරු මොකටද ?

:       0       0

සම්පත් Monday, 25 June 2012 01:18 PM

හොඳ තීරණයක්

:       0       0

මැටි පූසා Monday, 25 June 2012 12:42 PM

සිසුහු 16 දෙනාට හා ලංකා ගුරු සංගමයට අපේ සුභ පැතුම්!! විශිෂ්ට ජයග්‍රහණයක්....

:       0       0

ප්‍රියන්ත Monday, 25 June 2012 01:21 PM

දරුවන්ට කල සාධාරනයක්

:       0       0

සුසන්ත Monday, 25 June 2012 12:44 PM

කාලෙකින් අහපු හොඳ තීරණයක්

:       0       0

කේ.පී Monday, 25 June 2012 12:45 PM

හොඳ වැඩේ....

:       0       0

රෝහණ මීගහපොල Monday, 25 June 2012 01:33 PM

ඉතාම හොද විනිශ්චයක්

:       0       0

දයා, සෞදියේ සිට Monday, 25 June 2012 12:56 PM

ඉතාම හොඳයි...අගය කල යුතු තීරණයක්....

:       0       0

නනදසිරි Tuesday, 26 June 2012 02:51 PM

හොඳ තීරණයක්

:       0       0

R. K. K. බර්නාඩ් Monday, 25 June 2012 01:38 PM

නඩු තීන්දුව නම් ඉතා හොදයි

:       0       0

දිනේෂ්, සෞදි Monday, 25 June 2012 01:41 PM

සාදාරණ වැඩක් .කලින්ම මේ දේ කරානම් ප්‍රශ්නයක් නෑ නේ ....

:       0       0

චන්දිම Monday, 25 June 2012 01:43 PM

අනේ අපේ හාමුදුරුවනේ. අටලෝ දහම අමතක කරල ඔහොම සතුට සමරන්න එපා. වැරැද්දකට එහෙම නෙවෙයි කීවේ. මොනව උනත් ළමයින්ට සාධාරණයක් ඉෂ්ට කරන්න පෙරමුණ ගැනීම ගැන ඔබවහන්සේට පිං

:       0       0

අභිලාෂිණි. Tuesday, 26 June 2012 08:53 AM

ඇත්තටම තීරණේ නම් හොදයි.ඒත් ඒක ගන්න කල් ගියා වැඩියි නේද? උසස් පෙළ පටන් ගන්න තව තියෙන්නේ කොච්චර පොඩි කාලයක්ද?

:       0       0

තිසා හාමි Monday, 25 June 2012 01:48 PM

ගොඩක් හොද තීරනයක්. ඒත් මේ පහු උන කාලෙට මොනාද වෙන්නේ.... ළම්යින්ගේ වටිනා කාලෙ කොච්චර නාස්ති උනා ද....?හරියට මෙහෙම ප්‍රශ්නයක් නොවී ප්‍රතිපල නිකුත් කලා නම් අද මේ ළමයි තමන්ගේ විශ්ව විද්‍යාල ජීවිතෙන් අවුරුදු බාගයක් විතර ගත කරල. දැං වෙන වෙනම ප්‍රතිපල අරගෙන අලුත් ක්‍රමේකට Z-Score එක හදනකොට මේ ළමයි තව වයසට ගිහිං තියේවි. ඒවට කව්ද වග කියන්නේ....

:       0       0

කඩී Monday, 25 June 2012 01:29 PM

ජනතාව තමන්ගේ ළමයින්ගේ අනාගතය ගැන හිතා නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ

:       0       0

ඇත්දත් සුරියා Monday, 25 June 2012 01:31 PM

වාව්.....!!!!

:       0       0

වරුණ Monday, 25 June 2012 01:43 PM

මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත පරපුර සමග බව වැටහෙන්නේ නැද්ද?

:       0       0

රන්සි Monday, 25 June 2012 02:28 PM

නියමයි කාලෙකට පස්සේ නිවැරදි ජනතා තීන්දුවක් .....

:       0       0

සරසි Monday, 25 June 2012 01:53 PM

මේ ක්‍රමය නිසා මීට පෙරත් කී දෙනෙක්ට අසාධාරණකම් වෙන්න ඇද්ද??

:       0       0

සරසි Monday, 25 June 2012 01:54 PM

අගය කල යුතු තීන්දුවක්....

:       0       0

තිලක් Monday, 25 June 2012 02:35 PM

ඒකත් එච්චර ලේසි නෑ.ළමයි අතර අනුපාතය හදන්නේ කොහොමද?

:       0       0

නදීෂාණි Tuesday, 26 June 2012 10:41 AM

අපිට ඉතිං වෙන්නේ ඔය කියන කියන හැැම දේම පිළි ගන්න තමයි

:       0       0

අචිනි Tuesday, 26 June 2012 10:46 AM

උගත්කම සමගින් බුද්ධියද ඇති අයට පාලන බලය ලබා දී තීරණ ගැනීමට දීම පිළිබද සැළකිළිමත් විය යුතුයි

:       0       0

චමිල Monday, 25 June 2012 02:42 PM

ගෙදර යා යුතු අය දැන්ම තීරණය කරන්න.....

:       0       0

උපුලි කුමුදුනී Tuesday, 26 June 2012 10:19 AM

වගකිවයුතු පාර්ශව වලින් සද්ද නෑ... කෝ ???

:       0       0

පියුමාල් Monday, 25 June 2012 02:14 PM

ආයිත් අනා ගන්නද මන්දා යන්නේ

:       0       0

අමිල කටුනායක Monday, 25 June 2012 02:15 PM

අපි අපේක්ෂා කර තීන්දුව මේකයි......

:       0       0

වීරසිංහ Monday, 25 June 2012 03:01 PM

තීරන ගත යුත්තේ ගියාට ආවාට නොවෙයි. නීත්‍යානුකූලවයි. මේකෙන් වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.

:       0       0

ළමයා Monday, 25 June 2012 02:24 PM

දැන් තියෙන විදියට මට යන්න පුලුවන් විශ්ව විද්‍යාලයට.ඒත් හදිස්සියේවත් අලුත් ක්‍රමයට මට යන්න බැරි වු‍ණොත් ඉතිං වහ කන්න තමයි වෙන්නේ.

:       0       0

කැලුම් Tuesday, 26 June 2012 11:14 AM

කෝ අර හැම දේටම ජේවීපී එකට බණින කට්ටිය?

:       0       0

සකලබුජන් Tuesday, 26 June 2012 11:19 AM

මැක්ස් "අල 50, සැමන් 88 "අල බහිනවා වැල මැරෙනවා.සැමන් ගඳ දැනෙනවා.අපේ පන යනවා......

:       0       0

මහින්දසිරි Monday, 25 June 2012 02:28 PM

දැන්වත් පාලකයින්ට තමන් ගැන වැටහෙයි.

:       0       0

නන්දසිරි Monday, 25 June 2012 02:50 PM

එක රැයකින් විසදන්න තිබුණු ප්‍රශ්නයක්නේ මේ දැන් පටලෝගෙන දගලන්නේ

:       0       0

මැටි පූසා Monday, 25 June 2012 10:13 PM

මෙම ක්‍රමයට මුල් වූ දෙන්නා ඉල්ලා අස් විය යුතුය..

:       0       0

දනුෂ්ක Monday, 25 June 2012 03:29 PM

මේ සැරෙත් පරිගණක දෝෂ ඇතිවෙයිද දන්නේ නැ...

:       0       0

මැක්ස් Monday, 25 June 2012 03:31 PM

"අල 50, සැමන් 88 "

:       0       0

ගිරිගොරිස් අතා Tuesday, 26 June 2012 12:51 PM

රටේ අධ්‍යාපනයටත් නැති කලා කොහොම හරි ..

:       0       0

True Sri Lanka Wednesday, 27 June 2012 09:18 PM

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අපි කවුරුත් ගරු කල යුතුයි. නමුත්, මා දන්නා තරමට, සංඛ්‍යාන මහාචාර්යවරුන්ගෙත් යුත් කමිටුව යොදාගත් ක්‍රමය තමයි වඩාත් යෝග්‍යම ක්‍රමය. Z ලකුණු වෙන වෙනම ගණනය කලවිට වෙන්නේ දෙවන හා තෙවන වර විභාගය කල ලමුනට ඉතාම අසාධාරණයක්. නිදසුනක් ලෙස, දෙවන වර විභාගය ලියා ඒ තුනක් ගත් ලමයෙකුට වෛද්‍ය විද්‍යාලයට යෑමට නොහැකිවී, පලමුවර විභාගය ලියා බී තුනක් ගත් ලමයකුට යෑමට හැකිවිය හැකියි. එහෙම වුනහම ආයෙත් පාරක් දෙමවුපියො උසාවි යයි.

:       0       0

ඇටකිච්චා Tuesday, 26 June 2012 05:13 PM

ඇමතිතුමෝ සරම ඇදගෙන ඔලුවෙන් හිටගත්ත නේද?

:       0       0

අසින්ත Monday, 25 June 2012 03:11 PM

ඉතාම සාධාරණ තීරණයක්.....

:       0       0

උසස් පෙල සිසුවෙක් Monday, 25 June 2012 03:18 PM

ඒ ලකුණු ගානයි,විශයන් ගානයි ටික එකට මෙව්වා කරලා,අර ළමයි ගත්ත ලකුණුයි විශයන් ගානයි ටිකත් මෙව්වා කරලා,ඒ දෙක එකට මෙව්වා කරලා ඒන මෙව්වා ගාන තමයි ඉශෙඩ් ස්කෝර් කියන්නේ.

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Monday, 25 June 2012 04:03 PM

සරසි: අධිකරණය කියල තියෙන්නේ Zස්කෝර් ක්‍රමය අහෝසි කරන්න කියල නෙමේ, නිවැරදිව අයිත් Zස්කෝර් එක ගණනය කරන්න කියල. මේ පාර වැරදි ක්‍රමයකට Zස්කෝර් එක හොයන්න ගිහින් තමා වැඩ අනාගත්තේ. Zස්කෝර් ක්‍රමය නිසාම කලින් අසාධාරණයක් උනා කියන්න බැහැ.

:       0       0

අනුරංග Monday, 25 June 2012 04:07 PM

zzz ඉන්ග්‍රිසියෙ z …zzz විභාගයේ z …zzz නෑ දෙන්න්නේ z …zzz ඇමතිතුමාගේ z …අයියෝ සල්ලි සීයේ ..............…

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 102 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2238 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site