ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහල් තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න පත්කර තිබේ. පානදුර රාජකීය විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක මාධව නිමේෂ් උප නායකත්වයට පත්කර ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 9 වැනිදා සිට 25 වැනිදා දක්වා එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලද නියෝජනය කළ වේග පන්දු යවන ප‍්‍රවේගකාරි පිතිකරුවකු වන චාමික කරුණාරත්න ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අමතරව බැඞ්මින්ටන් සහ මලල කී‍්‍රඩාවේ විසිකිරීමේ ඉසව්වල සමස්ත ලංකා වයස් කාණ්ඩ ශූරයෙකි. ඔහු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නගේ බාල සොහොයුරා ද වේ.
පානදුර රාජකීය විදුහලේ ප‍්‍රබල පිතිකරු මාධව නිමේෂ් 2010 වසරේ ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
17 න් පහළ ශී‍්‍ර ලංකා නායකයා චාමික
රෝහණ Saturday, 06 July 2013 07:22 AM
අනේ ඔවු. විශේෂයෙන් ගුවන් යානා වල තිබෙන වැසිකිලි වල දොරවල් අරින වාහන හැටි උගැන්විය යුතුයි ඔවුන් පිට රට යාමට පෙර. (නි)
දිලිප් ප්‍රසන්න Saturday, 06 July 2013 06:10 PM
මමත් පානදුර රාජකියේ මාදව නිමේෂ්ට උනුසුම් සුභපැතුම්.(නදී)
සුරේශ් Saturday, 06 July 2013 09:16 AM
ශාමු අශාන් නම් කරලා නැද්ද? (නි)
ලාස් Saturday, 06 July 2013 08:09 PM
මගේ උණුසුම් සුභ පැතුම් චාමික කරුණාරත්නට ! (නි)
රවි Saturday, 06 July 2013 09:53 AM
මාධව නිමේෂ් පුතාට මගේ සුභ පැතුම් ! (නි)
චමිල - පානදුර Friday, 05 July 2013 11:07 PM
මේ දරුවන්ට රටේ නම රැකගෙන හොද විනයකින් කටුයුතු කරන්න කියලා දෙන්න.ක්‍රීඩාවත් එක්ක විනය කියන දෙය අනිවාර්යයි. (නි)
සෑම් Saturday, 06 July 2013 01:17 AM
බැරිද හොර උප්පැන්නකින් හරි වයස අඩුවට හදලා අර දොර මාරුවුණ පුතාව නායකයා කරලා මේ ටීම් එකෙන් එංගලන්තයට යවන්න. එතකොට එයා මේ පාර ප්ලේන් එකේ දොර කොහොමහරි ඇරලා ඒකෙන් පනියි (නි)